Wednesday, December 22, 2010

රනිල්ට හොඳ පළපුරුද්දක්-සජිත්ට හොඳ ඉල්ලුමක්

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට හොඳ පළපුරුද්දක් ඇති බවත්,සජිත් ප්‍රේමදාස මහතාට ගම් මට්ටමින් හොඳ ඉල්ලුමක් ඇති බවත් එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා පවසයි.
ඒ නිසා මේ දෙදෙනාගේ අත්වැල් බැඳගැනීම තුළින් එක්සත් ජාතික පක්ෂයට දුර දේශපාලන ගමනක් යා හැකි බව හෙතෙම කියා සිටියේ අද(22)කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
12 වන දා පවත්වන ලද එක්සත් ජාතික පක්ෂ සමුළුව ට ජනාධිපතිවරයා පවා බියවී ඇති බවත්,ආණ්ඩුවේ ඇතැමුන් කරන කතා බස් වලින් ඒ බව තහවුරු වන බවත් විජේවර්ධන මහතා සඳහන් කළේය.
ආණ්ඩුවේ මාධ්‍ය මගින් කුමන අන්දමේ ප්‍රචාරයක් ගෙන ගියද මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ බෙදීමක් හෝ මතභේදයක් නැති බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.
ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන් විපක්ෂය සමග අත්වැල් බැඳගැනීම සඳහා සාකච්ඡා කරමින් සිටින බවත්,ඉදිරියේදී ඔවුන් ආණ්ඩුවෙන් ඉවත්වී එ.ජා.පයට එක්වෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් මෙම මාධ්‍ය හමුවට එක්වූ එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසා ඇත.


- ලංකා ටීවී - 

No comments:

Post a Comment

Total Pageviews

Advertise