Saturday, November 27, 2010

අයවැයේ සංඛ්‍යා ලේඛන අසත්‍යයි

අයවැය දෙවන වර කියවීමේ විවාදයේ පස්වන දිනය අද (27)ය. විවාදය ආරම්භ කරමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා මෙවර අයවැය විවේචනය කරමින් සිය අදහස් පළ කළේය.
එහිදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් මංගල සමරවීර මන්ත්‍රීවරයාට දැඩි විරෝධයක් එල්ල වූ බව පාර්ලිමේන්තු මාධ්‍යය වාර්තාකරු සඳහන් කළේය
මංගල සමරවීර මහතා විසින් සිය කතාවේදී ජනාධිපතිවරයා හා ආණ්ඩුව විවේචනයට ලක්කිරීම මෙම විරෝධයට හේතු වූ බව ද ඔහු කියා සිටියේය.
මෙවර අයවැයේ අඩංගු වන සංඛ්‍යා ලේඛන පිළිබඳව ද සමරවීර මන්ත්‍රීවරයාගේ දැඩි විවේචනයට ලක්විය. ඒවා අසත්‍ය තොරතුරු බව ද ඔහු සඳහන් කර ඇත.
එමෙන්ම උතුරේ අවතැන්වූවන්ට සහ උතුරේ ජනතාවට මෙම අයවැයෙන් කිසිදු සහනයක් ලැබී නොමැති බව ද මංගල සමරවීර මන්ත්‍රීවරයා සිය කතාවේදී පෙන්වා දී තිබේ.
යුද්ධයක් නොමැති වුව ද ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය වැඩිවී තිබීම පිළිබඳව ද ඔහු සිය කතාවේදී අදහස් දක්වා ඇත.
ඉන්පසු ආණ්ඩු පක්ෂය වෙනුවෙන් අදහස් දැක්වූ චන්දිම වීරක්කොඩි නියෝජ්‍ය කතානායකවරයා මංගල සමරවීර මහතාගේ කතාව දැඩි විවේචනයට ලක් කර තිබේ.
රටේ සංවර්ධනය සිදුවන ආකාරය ජනතාව දන්නා බව ද ඔහු පෙන්වා දී ඇති බව මාධ්‍යය වාර්තාකරු සඳහන් කළේය.

-අද දෙරණ-

No comments:

Post a Comment

Total Pageviews

Advertise