Thursday, November 18, 2010

ලියනොයිඩ් උල්කාපාත වර්ෂාව

ඔන්න හා හා පුරා කියල ඉස්සෙල්ලම කියන්න යන්නෙ මේ වෙලාවෙ වටේ පිටේ වෙන දෙයක් ගැන. මේ දැන්ම එලියට බැහල නැගෙනහිර අහස දිහා පොඩ්ඩක් බලන්න. හරියටම කියනව නම් සින්හ රාශිය දිහා තමා බලන්න ඔනෙ. මේ වෙලවෙ 1.30 AM සින්හ රාශිය හරියටම නගෙනහිර ක්ෂිතිජයේ සිට අංශක 30ක් විතර උඩින් තමා තියෙන්නෙ.

කෝ ඉතින් බැලුවම මොනද පෙන්නෙ කිව්වෙ නෑනෙ නේද ?
ඔය ගොල්ලො දන්නව ඇති නෙ උල්කාපාත වර්ෂාවන් ගැන. දැන් තියෙන්නෙත් අන්න එහෙම එකක්. මේක එසේ මෙසේ උල්කාපාත වර්ෂවක් නම් නෙමේ.මේව ගැන දන්න කියන උදවිය කියන විදිහට නම් විනාඩියකට දෙකක් විතර පැහැදිලිව බලා ගන්න පුලුවන්ලු. මමත් විනාඩි 15ක් විතර බලා ඉදල, බෙල්ලත් උළුක් කරගෙන යන්තන් එකක් දැක්ක.

කොහොම උනත් මේකෙ උච්චතම අවස්ථාව 2.30 AM වගේ බලා ගන්න පුලුවන් වෙයි කියල තමා අර උදවිය කියන්නෙ.

No comments:

Post a Comment

Total Pageviews

Advertise