Sunday, November 28, 2010

විදුලිය ඇණහිටීම ගැන පරීක්ෂණ අරඹයි

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකට බල පැවැත්වෙන පරිදි අද පස්වරුවේ සිදුවූ හදිසි විදුලිය ඇණහිටීම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. 

අද පස්වරු‍ 2.45ට පමණ කොත්මලේ සිට බියගම දක්වා විදුලිය රැගෙන යන සම්ප්‍රේෂණ පද්ධතියේ සිදුවු කාර්මික දෝෂයක් හේතුවෙන් මෙසේ විදුලිය ඇණහිටි බව ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති විද්‍යා අමරපාල මහතා සඳහන් කරයි. 

කෙසේ වුවද මේ පිළිබඳ පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි අද දෙරණ කළ විමසුමකට පිළිතුරු දෙමින් අමරපාල මහතා වැඩිදුරටත් කියා සිටියේය.


-අද දෙරණ-

2 comments:

Total Pageviews

Advertise