Saturday, January 8, 2011

විශ්ව විද්‍යාල සිසුන්ට හමුදා පුහුනුවක් දීමට යයි...ලොල්

රජයෙන් පිරිනමන ශිෂ්‍යත්ව මත මෙරට විශ්වවිද්‍යාලවලට පැමිණෙන විදේශ සිසුන් සඳහා මාසිකව රුපියල් තිස්‌දහස බැගින් ලබා දෙන බව උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා පැවසීය.

මෙම වසරේ සිට විදේශ සිසුන් එකසිය පනස්‌ දෙනකුට ශිෂ්‍යත්ව පිරිනමන බවද ඇමැතිවරයා කීවේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ උසස්‌ අධ්‍යාපන අමාත්‍යංශයේ 05 වැනිදා පැවැති මාධ්‍ය හමුවේදීය.

විශ්වවිද්‍යාල සිසුන් දස දහසකට දුරස්‌ථ අධ්‍යාපන ක්‍රමය යටතේ ඇමරිකාවේ සිට මෙහෙයවන ඉංග්‍රීසි පාඨමාලාවක්‌ අන්තර්ජාලය ඔස්‌සේ හැදෑරීම සඳහා අවස්‌ථාව සලසන බවද සිසුන් සඳහා ඉංග්‍රීසි විභාගයක්‌ පවත්වා ඔවුන් හඳුනා ගැනීමේ වැඩසටහනක්‌ ක්‍රියාත්මක කරන බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

සෑම විශ්වවිද්‍යාලයකින්ම මසකට වරක්‌ ශාස්‌ත්‍රීය සංග්‍රහයක්‌ බැගින් එළි දැක්‌වීමේ වැඩසටහනක්‌ සංවිධානය කර ඇති බවත් විශ්වවිද්‍යාලවල හොඳම ආචාර්යවරුන්ට හා සිසුන්ට සම්මාන පිරිනැමීමේ වැඩපිළිවෙළක්‌ ක්‍රියාවට නගන බවත් සඳහන් කළ එස්‌. බී. දිසානායක මහතා මේ වසරේදී පෞද්ගලික විශ්වවිද්‍යාල ගණනාවක්‌ ආරම්භ කිරීමට නියමිත බවත් කියා සිටියේය. ජපානය, චීනය, ඉන්දියාව වැනි රටවල් මගින් මෙම විශ්වවිද්‍යාල ආරම්භ කෙරෙන බව ද ඒවාට ඇතුළත් කිරීමට නියමිත සිසුන්ගෙන් සියයට විස්‌සක කොටසක්‌ ශ්‍රී ලංකාවේ සිසුන්ට ලබාදීමට ඔවුන් එකඟ වී ඇතැයි ද දිසානායක මහතා පැවසීය.

මෙම වසරේ සිට විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන සිසුන් සඳහා යුද හමුදා කඳවුරුවල දී සති තුනක නායකත්ව පුහුණුවක්‌ ලබා දෙන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා ද මෙම මාධ්‍ය හමුවට එක්‌ විය.

2 comments:

  1. "රජයෙන් පිරිනමන ශිෂ්‍යත්ව මත මෙරට විශ්වවිද්‍යාලවලට පැමිණෙන විදේශ සිසුන් සඳහා මාසිකව රුපියල් තිස්‌දහස බැගින් ලබා දෙන බව උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා පැවසීය."

    මහපොළ කීයකින් හරි වැඩි කරපියව්කො....

    "මෙම වසරේ සිට විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන සිසුන් සඳහා යුද හමුදා කඳවුරුවල දී සති තුනක නායකත්ව පුහුණුවක්‌ ලබා දෙන බවත් ඇමැතිවරයා සඳහන් කළේය."

    ඔව් එතකොට නියමෙට පොලීසියට attack කලෑකිනෙ...

    :P

    ReplyDelete
  2. ඇමතිතුමෝ. පිට කටිටියට දෙන්න කලින් මේ රටේ දුප්පත් දරැවොන්ගෙ මහපොළ වැඩිකරානං නරකද?

    ReplyDelete

Total Pageviews

Advertise