Sunday, April 24, 2011

ක්‍රිකට්‌ තාලය වෙනස්‌ වෙලා

ක්‍රිකට්‌ ක්‍රීඩාවකි. ඒත් ඉන්දියාවේ නම් එය ආගමකි. එංගලන්තයේ ඉපදවූ ක්‍රිකට්‌වලට ඉන්දියාවේදී වැඳුම් පිදුම් පවා ලැබේ. ඒ ක්‍රීඩකයන්ට දෙවියන්ට මෙන් සැලකිලි ලැබෙයි. ඉන්දියාවේ තරම් ක්‍රිකට්‌ ජනප්‍රිය කළ හැකි වෙන කිසිදු රටක්‌ මේ ලෝකයේ නැත. ඒ සඳහා හොඳම උදාහරණය අයි. පී. එල්. ය. අයිපීඑල්වලට සල්ලි ගංගා ගලා එති. සල්ලිවලින් නෑවෙන්නට අකැමැත්තෝ මේ ලොවේ නොවෙති. ඒ නිසා අයිපීඑල්වලට ලොව සතර දිග්භාගයේම වැඩකාරයෝ වෙති. ධනපතියෝ ඔවුන් කැඳවති.


එසේම අයිපීඑල් ක්‍රිකට්‌ චමත්කාරජනකය. එහි අමුතු ආකර්ෂණයක්‌ ඇත්තේය. විවිධ රටවල ක්‍රීඩකයෝ එකට එකතුව ක්‍රීඩා කරති, මවුබිමේ සහෝදර ක්‍රීඩකයන් පරාද කිරීමට වෙන රටවල ක්‍රීඩකයන් සමග කුමන්ත්‍රණ කරති. ජාති කිහිපයක සංකලනයන් එහි ඇත්තේය. ඒ අයිපීඑල් හි ඇති පෙනෙන වාසීන්ය. ඒත් එහි නොපෙනෙන වාසි හැම එකක්‌ම ඉන්දියාවටය. අලුත් ක්‍රීඩකයන් බිහි වන්නේ ඉන්දියාවටය. වැඩිලාභයද ඉන්දියාවට මිස ලංකාවට හෝ වෙනත් රටකට නොවේ.

අයිපීඑල් තරගාවලියට මෙවරද ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දස දෙනෙක්‌ පමණ නියෝජනය කරති. ඒ අතරින් මහේලට සහ සංගක්‌කාරට කණ්‌ඩායම් දෙකක නායකත්වයද භාරදී ශ්‍රී ලංකාවට තවත් ගෞරවයක්‌ එක්‌කර දී ඇත. එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය පවසන පරිදි නම් ඒ ගෞරවය තවත් දින කිහිපයකට සීමාවේ. මන්ද මැයි මස 05 වැනිදාට පෙර ඒ සියලුම ක්‍රීඩකයන්ට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස දන්වා තිබීමයි.

ඒ එළැඹෙන එංගලන්ත සංචාරය හේතුවෙනි. ඒ සඳහා නව නායකයකු ද පත්කර තිබේ. ඒ තිලකරත්න ඩිල්ෂාන්ය. සංගක්‌කාරගේ ඉවත්වීමෙන් හිස්‌වුණු නායකත්වය ඩිල්ෂාන්ට හිමිවීම අරුමයක්‌ නොවේ. මහේල ද එය ප්‍රතික්‌ෂේප කරන කල්හි ඩිල්ෂාන් හැරෙන්නට සුදුස්‌සකු කණ්‌ඩායම තුළ නැත. එහෙත් ඩිල්ෂාන්ට ඒ නායකත්වය අභියෝගයක්‌ වීම වැළැක්‌විය නොහැක. එංගලන්ත සංචාරය ඔහුට ප්‍රබල අභියෝගයක්‌ වනු ඇත. ඔහුට නායකත්වයේ පළමු පාඩම ක්‍රිකට්‌ උපන් දේශයෙන්ම ලැබීමද එක්‌තරා අතකට හොඳ දෙයකි.

එහෙත් ඉන්දියාවෙන් ලැබෙන ආරංචි අනුව නම් අයිපීඑල් ගිය ඇතැම් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් එංගලන්ත සංචාරයට එතරම් සූදානමක්‌ නැති බව පැවැසේ.

Friday, April 22, 2011

Sanga n Wife - Cute story





 
Sanga's Wife: Why are you always inside the house? can't you go n get me some vegetables?

Sanga: I don't know what people will say about our loss. i can't go out.
 
wife: you put on my Saree n go.. no one will recognize you
 
Sanga: ok
 
<at the super market>
 
...A lady: hey Sanga why are you in a Saree??
 
Sanga: how did you recognize me?

 
Lady: YAKO MAMA MAHELA!"  

Wednesday, April 20, 2011

ගොත ගැසීම මගහරවා ගන්නට මහරජු ගෙන් පාඩමක්‌


වසරේ හොඳ ම චිත්‍රපටය ලෙසින් මෙවර "ඔස්‌කාර්" සම්මානය හිමි වූයේ KING'S SPEECH චිත්‍රපටයට ය. ගොත ගැසීමේ සහජ ආබාධයට ගොදුරු වූ බ්‍රිතාන්‍යයේ හය වැනි ජෝර්ඡ් රජු එකී දුබලතාව ජයග්‍රහණය කළ අයුරු විදහා දැක්‌වෙන මෙකී විශිෂ්ට සිනමා කෘතිය වෙත අසීමාන්තික ප්‍රේක්‍ෂක අවධානයක්‌ යොමු ව ඇති බැව් මේ වන විට දැකගත හැකි ව තිබේ. 

KING'S SPEECH සිනමා කෘතිය ලොව පුරා අතිමහත් ජනාදරයට පත් වූයේ බ්‍රිතාන්‍යයේ හය වැනි ජෝර්ඡ් රජු මහජන දේශන පැවැත්වීමේ දී දැක්‌වූ සහජ සහ සත්‍යමය දුබලතාව ප්‍රබල සිනමාත්මක භාෂාවක්‌ ඔස්‌සේ ප්‍රේක්‍ෂකයා වෙත ඉදිරිපත් කිරීම හේතුවෙනි. එසේ ම එය හය වැනි ජෝර්ඡ් රජු ගේ සැබෑ ජීවිතය පදනම් කරගත්, සත්‍යවාදී සිනමා කෘතියක්‌ ද වෙයි. 

මෙකී චිත්‍රපටය තුළින් මහජන දේශනයක්‌, වඩාත් සාර්ථක හා චතුර ලෙසින් පැවැත්වීම පිළිබඳව පූර්වාදර්ශයන් රැසක්‌ ම, සියලු වර්ගයන්හි සන්නිවේදකයන් වෙත ලබා දෙනු ලබයි. පහත ගොනු කර දැක්‌වෙන්නේ මෙකී සිනමා කෘතිය තුළින් ප්‍රකාශිත එකී කරුණු ය. 

1. පොදු දේශනයක්‌ පැවැත්වීම පිළිබඳව කිසියම් අපහසුතාවකින් පෙළෙන්නේ නම් කිසිදු විටක දී හෝ ඒ සඳහා වූ උත්සාහය අත් නො හරින්න. ගැටලුව හඳුනාගැනීමත්, එය විසඳීම කෙරෙහිත් අවධානය යොමු කරන්න. තමන් හට ගැටලුවක්‌ පවතින බැව් පිළිගන්න. 

කිරින්ද සෙලවේ

හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ තිස්‌ස ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාශයේ කිරින්ද යාල හන්දියේ සිදු වූ භූමියේ සුළු චලනයකින් පසු නිවාස 6 ක බිත්ති පුපුරා ගොස්‌ එක්‌ නිවසකට බරපතළ හානි සිදුවී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය "දිවයින" ට පැවැසීය.

මෙය කිසිදු ආකාරයක භූ කම්පනයක්‌ නොවන බව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය හා භූ විද්‍යා පතල් කැණීමේ කාර්යාංශය වාර්තා කර තිබේ. 

මෙහිදී ජීවිත හානි කිසිවක්‌ සිදුවී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් භූ විද්‍යා සමීක්‍ෂණ කණ්‌ඩායමක්‌ පර්යේෂණ පවත්වන බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය සඳහන් කරයි. 

පෙරේදා රාත්‍රී ශබ්දයක්‌ සමග මෙම භූ කම්පනය සිදුවී ඇති අතර මෙම කම්පනය තිස්‌සමහාරාම කිරින්ද ප්‍රදේශයට පමණක්‌ සිදුවී තිබේ.

මේ පිළිබඳව අදහස්‌ දැක්‌වූ කිරින්ද පදිංචි ඩබ්ලිව්. සිරියලතා මහත්මිය පැවසුවේ "අපි රාත්‍රි කාලා නිදාගත්තා. ටික වේලාවකින් ජනෙල් දිඩි දිඩි ගාලා ගැහුනා. ඒ එක්‌කම ගෙදර ආච්එක කැඩිලා බිමට සමතලා වුණා. අපි බිම බැලුවාම පොළව පැළිලා වැලි යටට යනවා පෙනුණා" යෑයි පැවසීය.



තුෂාරි කළුබෝවිල සහ කතරගම කේ. ඩී. දේවප්‍රිය

Sunday, April 17, 2011

Mind Reading

Letter To Ex-Girl Friend (May Be Usefull To You...)


ෆොන්සේකා ගැන පැනමා යයි

තමන් විසින මෙයට පෙර ලෝක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සරත් ෆොන්සේකා මහතාගේ මානව හිමිකම් කඩවීම පිළිබඳ පැමිණිල්ල මෙවර සැසිවාරයේදී විභාගයට ගැනෙන බැවින් ඒ සඳහා සහභාගී වීම සඳහා පැනමා රාජ්‍යය බලා පිටත්වන බව ගම්පහ දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන මහතා පවසයි.මෙවර පැවැත්වීමට නියමිතව ඇත්තේ ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංගමයේ 124 වන සැසිවාරය බවත් ඒ සඳහා තමන් සමඟ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතාද සහභාගී

Largest animal on planet is in Sri Lanka

මූන්ගේ විද්වත් මණ්‌ඩලයෙන් රජයට යුද අපරාධ චෝදනා

එක්‌සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන්ගේ විද්වත් මණ්‌ඩලය විසින් නිකුත් කළ වාර්තාව මගින් ශ්‍රී ලංකා රජයට යුද අපරාධ චෝදනා එල්ල කර ඇති අතර එම අපරාධවලට වගකිවයුතු පාර්ශ්වයනට එරෙහිව කටයුතු කළ යුතු යෑයි ද දන්වා ඇත.

මෙම වාර්තාවට පදනම් වී ඇත්තේ රටවල් අටක කොටි හිතවාදී සංවිධාන විස්‌සක්‌ සහ දෙස්‌ විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන පනහක්‌ විසින් සපයන ලද තොරතුරු බව අනාවරණය වී තිබේ. එසේම අදාළ තොරතුරු සැපයූ කිසිදු සංවිධානයක අනන්‍යතාවය තහවුරු කර ගැනීමට විද්වත් මණ්‌ඩලය ක්‍රියාකර නැතැයිද වාර්තා වේ. මෙම වාර්තාව මගින් කොටි සංවිධානයට එරෙහිව කිසිදු චෝදනාවක්‌ එල්ලකර නැත.

විද්වත් මණ්‌ඩලයට තොරතුරු සැපයූවන් අතර කොටි අරමුදල් මත යෑපුණ විදේශිකයන් දසදෙනෙකු ද සිටින බව හෙළි වී ඇත.

Saturday, April 16, 2011

සමහරක්‌ යුවතියන් තමාට වඩා බොහෝ වයස්‌ගත පිරිමින්ට ආදරය කිරීමට පෙළඹෙන්නේ ඇයි?

සමාජය දෙස බලද්දි යුවතියන් තමාට වඩා වයසින් බොහෝ වැඩි පිරිමින්ට ආදරය කිරීමේ ප්‍රවණතාවක්‌ දක්‌නට ලැබේ. එම පදනම මත ඇතිවන ආදර සබඳකම් දුරදිග යැම මත, බොහෝ අවස්‌ථාවලදි ඇයට විවාහවීමට සිදුවන්නේද අවුරුදු 10 හෝ 15 ක්‌ වැඩිමල් පිරිමියෙකු සමඟිනි. 

මෙසේ වයසින් වැඩිමල් පිරිමියෙකුට ආදරය කිරීමට යුවතියන් බොහෝ විට පෙළඹෙන්නේ එකට කාර්යාලයක සේවය කරද්දි හෝ තමා සමඟ නිබඳවම ගැටෙන නැති පිරිමියෙකු සමඟිනි. එයට අමතරව, මෙසේ ඇතිකර ගන්නා පෙම් සබඳතාවක පිරිමියා බොහෝ විට විවාහකයෙකු වීමටද හැකිය. 

ප්‍රබල මානසික බැඳීමක්‌ 

බොහෝ අවස්‌ථාවලදී යුවතියන්, තමාට වඩා බොහෝ වයසින් මුහුකුරා ගිය පෙම් සබඳතා ඇතිකර ගන්නේ, ප්‍රබල මානසික බැඳීමක ප්‍රතිඵලයක්‌ ලෙසිනි. එහෙයින් එම යුවතිය සම වයස්‌ තරුණයෙකු සමඟ ඇතිකර ගන්නා පෙම් සබඳතාවකට වඩා, මෙය බොහෝ ප්‍රබලත්වයක්‌ පෙන්නුම් කරයි. මන්ද මෙහි පදනම වන්නේ, දැඩි දයාබරත්වයකි. උණුසුමකි. ගොඩනගා ගැනීමට බලපාන හේතු බොහොමයකි. මෙය සහමුලින්ම වැඩිකාලයක්‌ එකට සමීපව කටයුතු කිරීමේ ප්‍රතිඵලයක්‌ ලෙසින් ඇතිවන්නකි. බොහෝ යුවතියන්ට තමාගේ පියාගේ හෝ වැඩිහිටි පිරිමියෙකුගේ දයාබරත්වය හා සමීපබව නොලැබේ.

ටියුෂන් තහනම

නූතන සමාජයේ ඕනෑම පුද්ගලයකුට නැතිවම බැරි උපකාරාත්මක සාධකයකි අධ්‍යාපනය. විවෘත සමාජය තුළ රැකියාවක්‌ කිරීමට දැනුම ලබා ගැනීමට. වෙනත් ප්‍රතිලාභ ලැබීමට මෙම උපකාරාත්මක සාධකය අත්‍යවශ්‍ය ය. මෙහිදී එම දැනුම ලබා ගන්නා වූ විවිධ මංමාවත් විවෘතව තිබුණත් විශේෂයෙන් පාසල් අධ්‍යාපනයට හිමි වන්නේ සුවිශේෂ ස්‌ථානයකි.

විවෘත සමාජය තුළ ජීවත් වීමේදී වටිනා කමක්‌ ලැබීමට, සුදුසුකමක්‌ ලැබීමට දැනුම ලබන්නට නිර්මාණය වූ මංපෙත් නිසා මෙහි යම් තරගකාරී රටාවක්‌ බිහි වී තිබෙනවා. 

විවෘත ආර්ථික රටාව තුළ සියල්ලට ම මිලක්‌ නියම වී ඇතිවා සේම අධ්‍යාපනය දෙන්නාටද, ලබන්නාටද එක්‌තරා ආකාරයකට මිලක්‌ නියම වී ඇත.

කාන්තාවට අඩන්තේට්‌ටම් කිරීමට එරෙහිව පවතින නීතිය

"සාපරාධී බලහත්කාරය", "අඩන්තේට්‌ටම් කිරීම" ආදී වචන අප පුවත්පත් වාර්තාකරණයේ දී මෙන් ම රූපවාහිනී සහ ගුවන් විදුලි ප්‍රවෘත්ති නිවේදනයන්හිදීද නිරන්තරයෙන් අසා ඇත. එහෙත් ඒ වචනවල සැබෑ අරුත මෙන්ම, එම ක්‍රියාවන්හි නෛතික ප්‍රතිඵලයන් මොනවාදැයි බොහෝ දෙනෙක්‌ නොදනිති. 


ඉහත නිර්වචනයන් දෙවර්ගයම අප රටේ ස්‌ථාපිත දණ්‌ඩ නීති සංග්‍රහයේ සඳහන් වේ. සාපරාධී බලහත්කාරය සහ අඩන්තේට්‌ටම් කිරීම සම්බන්ධයෙන් දණ්‌ඩ නීති සංග්‍රහයේ ඇති වගන්තීන් කාන්තාවන්ට පමණක්‌ සීමා වූ ඒවා නොවේ. නමුත් බහුල ලෙස මෙම වරදවලින් පීඩා වට ලක්‌වන්නේ කාන්තාවෝ ය. 

"අඩන්තේට්‌ටම් කිරීම" යනු යම් කාන්තාවක්‌ වෙත සාපරාධී බලහත්කාරය පාවිච්චි කිරීම පිළිබඳ බියක්‌ ඇය තුළ ඇති කිරිමේ අදහසින් හෝ, බියක්‌ ඇති කළ හැකි යෑයි සිතිය හැකි ක්‍රියා කලාපයක්‌ මාර්ගයෙන් යම් ක්‍රියාවක්‌ කිරීමයි. 

උදාහරණයක්‌ ලෙස A විසින් B නමැති කාන්තාව වෙත මිට මොළවයි. මෙහිදි ඊ නැමැති කාන්තාවට පහරදීමක්‌ ආසන්න යෑයි විශ්වාස කෙරේ නම් හෝ, පහරදීමක්‌ විමට ඉඩ ඇති බව අදහස්‌ වේ නම්, එවිට A විසින් B නැමති කාන්තාවට අඩන්තේට්‌ටමක්‌ කළා සේ සැළකේ. 

දවස පටන් ගන්න ආයුර්වේද උපදෙස්‌

මෙලොව ජනිත වන සෑම පුද්ගලයෙකුම ජීවිත කාලය තුලදී විවිධ ලෙඩ රෝග වලට ගොදුරු වීම ස්‌වභාවිකය. නමුත් නිතර නිතර අසනීපවීමට කිසිවෙකු කැමති නොවනු ඇත. රෝගවලට ගොදුරු නොවී නිරෝගී ජිවිතයක්‌ ගත කිරීමට හැකි නම් එය ඉතා භාග්‍ය සම්පන්නය.


එබැවින් රෝග වැළදීම ස්‌වභාවික වුව ද නිරෝගිකම රැකගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රම වේදයන් මොනවාද යන්න පිළිබඳව අවබෝධයක්‌ ලබාගෙන ඒ අනුව තමන්ගේ දින චරියාව සකස්‌ කර ගත හැකි නම් බොහෝ දුරට ලෙඩ දුක්‌වලින් මිදී නිරෝගී ජීවිතයක්‌ ගත කළ හැක.


නිරෝගී ජීවිතයකට මග පාදා දෙන අගනා කරුණු රාශියක්‌ ආයුර්වේදය පෙන්වා දී ඇත. මෙහි සඳහන් වන එම අගනා කරුණු පිළිබඳව ඔබ ද සැලකිලිමත් වන්නේ නම් නිරෝගිකම රැක ගැනීමට එය පිටිවහලක්‌ වනු ඇත. දෛනිකව මෙම නිවැරදි පිළිවෙත් හුරු පුරුදු කර ගැනීමට ඔබත් උත්සාහ කර බලන්න.

Total Pageviews

Advertise