Showing posts with label කොටි. Show all posts
Showing posts with label කොටි. Show all posts

Sunday, April 17, 2011

මූන්ගේ විද්වත් මණ්‌ඩලයෙන් රජයට යුද අපරාධ චෝදනා

එක්‌සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන්ගේ විද්වත් මණ්‌ඩලය විසින් නිකුත් කළ වාර්තාව මගින් ශ්‍රී ලංකා රජයට යුද අපරාධ චෝදනා එල්ල කර ඇති අතර එම අපරාධවලට වගකිවයුතු පාර්ශ්වයනට එරෙහිව කටයුතු කළ යුතු යෑයි ද දන්වා ඇත.

මෙම වාර්තාවට පදනම් වී ඇත්තේ රටවල් අටක කොටි හිතවාදී සංවිධාන විස්‌සක්‌ සහ දෙස්‌ විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන පනහක්‌ විසින් සපයන ලද තොරතුරු බව අනාවරණය වී තිබේ. එසේම අදාළ තොරතුරු සැපයූ කිසිදු සංවිධානයක අනන්‍යතාවය තහවුරු කර ගැනීමට විද්වත් මණ්‌ඩලය ක්‍රියාකර නැතැයිද වාර්තා වේ. මෙම වාර්තාව මගින් කොටි සංවිධානයට එරෙහිව කිසිදු චෝදනාවක්‌ එල්ලකර නැත.

විද්වත් මණ්‌ඩලයට තොරතුරු සැපයූවන් අතර කොටි අරමුදල් මත යෑපුණ විදේශිකයන් දසදෙනෙකු ද සිටින බව හෙළි වී ඇත.

Saturday, April 9, 2011

President's family 'dominates' Sri Lanka

Minister GL Peiris (L) with US Secretary of State Hillary Clinton (file photo)

The US annual report on human rights says that the government of Sri Lanka, a multi-party democracy, is dominated by the president’s family.

“Two of the brothers hold key executive branch posts as defense secretary and minister of economic development, while a third brother is the speaker of parliament,” says the report.

The elections in which President Mahinda Rajapaksa and his coalition came into power in 2010 are described as “problematic” by the report quoting independent observers.

The US has also accused the Sri Lanka government “and its agents” of serious human rights violations.

“Security forces committed arbitrary and unlawful killings,” the report said, and “disappearance continued to be a problem.”

Impunity
The report, however, noted that the total number of such incidents has declined.
The climate of fear among the minority populations as well as those marginalised such as HIV/AIDS sufferers is another serious concern raised in the report. 

Monday, February 14, 2011

කොටි සැලසුමක තොරතුරු අනාවරණය කර ගනී

මහින්ද අලුත්ගෙදර
ඉදිරියේ දී පැවැත්වීමට නියමිත තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ දී ප්‍රභූන් ඝාතනය කිරීම සඳහා එල්.ටී.ටී.ඊ ය ක්‍රියාත්මක කර ඇති සැලසුමක් සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට ඉන්දීය මධ්‍යම රහස් ඔත්තු සේවාව සමත්ව ඇත.
තමිල්නාඩුව කේන්ද්‍ර කර ගනිමින් එල්.ටී.ටී.ඊ ක්‍රියාකාරීන් දැනටමත් පුහුණු වීම්වල නිරතව සිටින අතර අවි ආයුධ හා පුපුරණ ද්‍රව්‍ය භාවිත කරන බවට ද තොරතුරු ලැබී ඇතැයි තානාපති ආරංචි මාර්ග පවසයි.
සරණාගතයන් ලෙස දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට ඇතුළු වී පුද්ගල කණ්ඩායම් ලෙස එක් රැස් වී කොටි මෙලෙස ත්‍රස්ත ක්‍රියාකාරකම්වල නිරතව සිටින අතර ඔවුන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ඉන්දීය මධ්‍යම රහස් ඔත්තු සේවාව සඳහන් කර ඇත. මීට ඉහත දී උත්සවයකට සහභාගි වීම සඳහා තමිල්නාඩු ප්‍රාන්තයට පැමිණීමට නියමිතව සිටි ඉන්දීය අගමැති ආචාර්ය මන් මෝහං සිං මහතා ඝාතනය කිරීමට ද එල්.ටී.ටී.ඊ ක්‍රියාකාරීන් කළ සැලසුම් සම්බන්ධයෙන් ඉන්දීය බුද්ධි අංශ තොරතුරු අනාවරණය කර ගන්නා ලදී.
මේ ආකාරයට මැතිවරණ කාල සමයේ දී ප්‍රභූන් ඝාතනය කිරීම සඳහා එල්.ටී.ටී.ඊ ක්‍රියාකාරීන් දරන උත්සාහය පිළිබඳව පූර්ණ අවධානයෙන් සිටින බවද ඉන්දීය මධ්‍යම රහස් ඔත්තු සේවාව වාර්තා කර ඇත.

Total Pageviews

Advertise