Showing posts with label අනතුරකට. Show all posts
Showing posts with label අනතුරකට. Show all posts

Wednesday, April 20, 2011

කිරින්ද සෙලවේ

හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ තිස්‌ස ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාශයේ කිරින්ද යාල හන්දියේ සිදු වූ භූමියේ සුළු චලනයකින් පසු නිවාස 6 ක බිත්ති පුපුරා ගොස්‌ එක්‌ නිවසකට බරපතළ හානි සිදුවී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය "දිවයින" ට පැවැසීය.

මෙය කිසිදු ආකාරයක භූ කම්පනයක්‌ නොවන බව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය හා භූ විද්‍යා පතල් කැණීමේ කාර්යාංශය වාර්තා කර තිබේ. 

මෙහිදී ජීවිත හානි කිසිවක්‌ සිදුවී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් භූ විද්‍යා සමීක්‍ෂණ කණ්‌ඩායමක්‌ පර්යේෂණ පවත්වන බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය සඳහන් කරයි. 

පෙරේදා රාත්‍රී ශබ්දයක්‌ සමග මෙම භූ කම්පනය සිදුවී ඇති අතර මෙම කම්පනය තිස්‌සමහාරාම කිරින්ද ප්‍රදේශයට පමණක්‌ සිදුවී තිබේ.

මේ පිළිබඳව අදහස්‌ දැක්‌වූ කිරින්ද පදිංචි ඩබ්ලිව්. සිරියලතා මහත්මිය පැවසුවේ "අපි රාත්‍රි කාලා නිදාගත්තා. ටික වේලාවකින් ජනෙල් දිඩි දිඩි ගාලා ගැහුනා. ඒ එක්‌කම ගෙදර ආච්එක කැඩිලා බිමට සමතලා වුණා. අපි බිම බැලුවාම පොළව පැළිලා වැලි යටට යනවා පෙනුණා" යෑයි පැවසීය.



තුෂාරි කළුබෝවිල සහ කතරගම කේ. ඩී. දේවප්‍රිය

Wednesday, April 13, 2011

17, 18 සහ 22 දිනවල සිදු වන භූමිකම්පා තුනක්‌ ගැන අපේ විද්‍යාඥයකු ගෙන් අනාවැකියක්‌ ඇති වන්නේ චිලී, ආජන්ටිනාව හා නවසීලන්තය ආශ්‍රිතවයි

භූමිකම්පා මේ දිනවල පොදු ජනයා අතර අතිශය කතා බහට ලක්‌ වන මාතෘකාවක්‌ වී තිබේ. කෙතරම් දියුණු රටක්‌ වුව ද ස්‌වභාවධර්මයා ගේ උදහස හමුවේ දණින් වැටීමට සිදු වූ ජපානය මේ කතිකාවතෙහි ආසන්නතම උත්ප්‍රේරකයයි. මහා පරිමාණයේ න්‍යෂ්ටික විනාශයක්‌ දක්‌වා යා හැකි ව තිබූ භූමිකම්පාවේ අතුරු කථාව ද මේ අවධානය ඊට දිනා දීමට මුල් විය.

වාසනාවන්ත පිහිටුමක පිහිටා ඇති අපේ රට භූමිකම්පාවක්‌ බඳු ව්‍යසනයකට සෘජුව ම නිරාවරණය වීමට ඉඩක්‌ නොමැති වුවත් සුනාමි බඳු අමතක කළ නොහැකි විනාශයක්‌ ඒ හා අත්වැල් බැඳගෙන පැමිණීමට ඇති ඉඩ සුළුපටු නො වේ. අනෙක්‌ අතට මෑතකාලීනව ලෝක විනාශයක හාහෝවක්‌ ලෝකය පුරා පැතිර ගොස්‌ තිබීම මේ සංසිද්ධිය බරපතළ ලෙස කතාබහට ලක්‌ වීමට හේතුවක්‌ වී ඇත.

භූමිකම්පාව ලෝකය පුරා මිනිසුන් මුහුණ දෙන විනාශකාරී ස්‌වාභාවික ව්‍යසනයන් අතරින් එකක්‌ පමණි. එහෙත් මිනිසා භූමිකම්පාවට මෙතරම් බිය වන්නේත් එය ඉදිරියේ අසරණ වන්නේත් ඇයි? ඊට දිය හැකි සරල පැහැදිලි ම හේතුව නම් භූමිකම්පා පිළිබඳ අප සතු ව ඇති නොදැනුවත්කමයි. භූමිකම්පාව පමණක්‌ නො ව සුළි කුණාටු, ගංවතුර ආදී අනෙකුත් ස්‌වාභාවික ව්‍යසනයන් ද මැඬලීමට තාක්‌ෂණිකව උසස්‌ යෑයි කියා ගන්නා මිනිසා තවමත් සමත් ව නැත. එසේ වුව ද එබඳු සංසිද්ධීන් ඇති වීමට හේතුවත්, සිදු වන ආකාරයත් ගැන සැලකිය යුතු මට්‌ටමකට ඉගෙනගෙන ඇති මිනිසා එම දැනුම උපකාරී කරගෙන එබඳු ව්‍යසනයන් කල් තියා පුරෝකථනය කිරීමට සමත් වී ඇති අතර ඒ හරහා එයින් සිදු වන හානිය අවම කරගැනීමට හැකි වී තිබේ.

Tuesday, April 12, 2011

කොස්ගම භූමිකම්පාවක්

අලුත් අම්බලම විදුහලට දැඩි හානි
ගොඩනැඟිල්ලක් මුළුමනින් විනාශයි
අවිස්සාවේල්ල කොස්ගම අලුත් අම්බලම ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලය ඊයේ (11) භූ චලනයකට ලක්වීමෙන් එක් ගොඩනැඟිල්ලක් සම්පූර්ණයෙන් ම කඩා වැටී ඇත.
පාසලේ තවත් ගොඩනැගිලි දෙකක් ඉරිතලා අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇතැයි සීතාවක කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ජයසිරි ආරියරත්න මහතා ‘දිනමිණට’ කීය.
මෙම පාසලේ වර්ග අඩි 5000 ක් මේ වන විට අනාරක්ෂිත තත්වයට පත්ව ඇති බව කී ඒ මහතා පාසල අවට නිවෙස් කිහිපයකද බිත්ති ඉරිතලා තිබෙන බව කීය.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට වගකිවයුතු ආයතනවලට දැනුම්දී තිබෙනවා.

Sunday, February 27, 2011

බාධක නොතැකූ රියදුරා දුම්රිය ඇංජිමේ ගැටී එතැනම මියයයි

බාධක නොතැකූ රියදුරා දුම්රිය ඇංජිමේ ගැටී එතැනම මියයයි 
කොළඹ-හලාවත දුම්රිය මාර්ගයේ කඳාන වැලිගම්පිටිය ප්‍රදේශයේදී දුම්රිය ඇංජිමක හැපී අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

අද සවස 4.00 ට පමණ ගණේමුල්ල ප්‍රධාන මාර්ගයෙන් පැමිණි අත් ට්‍රැක්ටරයක් දුම්රිය මාර්ගය වසා තිබියදී මුරකපොල්ල නොතකා ඉඩකඩ තිබූ තැනකින් අත් ට්‍රැක්ටරය ඇතුළු කරවූ බවත්,එහිදී ඒ වන විට දුම්රිය මාර්ගයේ ධාවනය වෙමින් පැවති දුම්රිය ඇංජිමක ගැටුණු බවත් අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි.

අත් ට්‍රැක්ටරය පැදවූ තැනැත්තා ඒ මොහොතේම එතැනදීම මිය ගිය බව සඳහන් වේ.

ඊයේ රාත්‍රීයේද මෙම ස්ථානයේ දී තවත් අයෙකු දුම්රියේ ගැටී මරුමුවට පත් වූ අතර මීට සති දෙකකට ඉහතදී තවත් කාන්තාවක්ද මෙම ස්ථානයේදීම අනතුරට ලක්වී මිය ගොස් ඇත.

Thursday, January 27, 2011

බීමතින් අනතුරකට ලක්ව රෝහල් ගියොත්.........

බීමත්කම නිසා හදිසි අනතුරුවලට ලක්ව රෝහලගත වන රෝගීන්ගෙන් රුපියල් දෙදහක රෝහල් බිලක් අය කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගනියි. ඒ අනුව ලබන මස පළමුවැනිදා සිට මෙම තීරණය ක්‍රියාත්මක කෙරෙන අතර බීමත්කමින් රෝහල් ගත වන අයගේ බිල අය කරන චක්‍රලේඛයේ ප්‍රථම පියවර ලෙස මෙය ක්‍රියාත්මක වේ.
විශේෂයෙන්ම මාර්ග අනතුරකදී වාහනය පැද වූ පුද්ගලයා අනතුරට ලක්වීමට හේතුව මත්පැන් පානය කිරීම බව වෛද්‍යවරුන් සනාථ කළහොත් මෙසේ රෝහල් බිල අයකර ගැනීම කෙරෙයි. මෙම ක්‍රියාවලියේ මූලික පියවර ලෙස රුපියල් දෙදහසක මුදලක් අයකර ගැනීම සිදුකරන අතර පසුව රෝගීයාව සුව කිරීමට රෝහලෙන් ලබාදෙන සියලු ප්‍රතිකාරවලට සම්පූර්ණ මුදලම අය කිරීමටද සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.
බොරැල්ල දකුණ බටහිර බෙහෙත් ශාලාව පෙරේදා (25) විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේය. බීමත්කම නිසා රෝගී වී රෝහල්ගත වන පුද්ගලයන්ගේ රෝහල් බිල මුළුමනින්ම අයකර ගැනීම සඳහා නීතිපතිවරයා සමඟ වැඩිදුරටත් සාකච්ඡා කරන ලෙසට සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදී තිබේ.

Total Pageviews

Advertise