Showing posts with label women language. Show all posts
Showing posts with label women language. Show all posts

Monday, August 15, 2011

රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලට මවුකිරි දීම් මධ්‍යස්‌ථානයක්‌ පිහිටුවීමට උපදෙස්‌ දීමේ අදහසක්‌


අමල් උඩවත්ත - විදුසර
"රටක්‌ සංවර්ධනය කරා යැමේ දී රටේ ජනතාව කායික මෙන්ම මානසික වත් නිරෝගී වීම අත්‍යවශ්‍යයි. මේ සඳහා අත්‍යවශ්‍ය මූලික ම පෝෂණය ලැබෙන්නේ මවුකිරිවලින්. මේ නිසා උපදින දරුවන්ට අවුරුදු 2ක්‌ යන තෙක්‌ හෝ මවුකිරි දීම මව ගේ යුතුකමක්‌" යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ වෛද්‍ය අනෝමා ජයතිලක මහත්මිය පැවසුවා ය.
ජුලි 28 වැනි දින කාසල් වීදියේ කාන්තා රෝහලේ පැවැති මාධ්‍ය හමුවේ දී තවදුරටත් අදහස්‌ දැක්‌වූ වෛද්‍ය ජයතිලක මහත්මිය, "ලෝකයේ මවක්‌ වැඩි ම කාලයක්‌ මවුකිරි දෙන රට ලංකාවයි. සියයට 85ක පමණ කාන්තාවන් ප්‍රතිශතයක්‌ මවුකිරි දීම සිදු කරනවා.
මේ රටේ සියයට 50කට ආසන්න සංඛ්‍යාවක්‌ විවිධ රැකියා කරන අය. ඒ නිසා රැකියා කරන ස්‌ථානයේ රැකියා කරන අවස්‌ථාවේ දී කිරි දීමට නොහැකි වුවත් කිරි දොවා ආරක්‌ෂා කර කාමර උෂ්ණත්වයේ තබා ගැනීමට හැකියාව තිබෙනවා ඒ නිසා රැකියා කරන මවුවරුන්ට තමන් රැකියා කරන ස්‌ථානයේ කිරි දෙවීමට ස්‌ථානයක්‌ වෙන් කිරීම අත්‍යවශ්‍යයි" යනුවෙන් පැවසුවා ය. පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය දීප්ති පෙරේරා මහත්මිය අදහස්‌ දක්‌වමින් "කාමර උෂ්ණත්වය යටතේ මවුකිරි දින 6-8 අතර කාලයක්‌ තබාගන්න පුළුවන්. ශීතකරණයක තබාගත්තොත් මාස 3ක්‌ පමණ අපහසුවක්‌ නැති ව තියා ගන්න පුළුවන්. ඉතා ම ආරක්‌ෂාකාරී තත්ත්ව යටතේ අධිශීතකරණයක මවුකිරි අවුරුදු 1ක්‌ වුවත් තබාගන්න පුළුවන්.

Saturday, April 9, 2011

බැබුන්ලාටත් ගෑනු පිස්‌සුවක්‌

කුඹුරට යන එන ගෙවිලියන්ට හා කෙල්ලන්ට වඳුරන් බැල්ම හෙළීමේ (ලයින් දැමීමේ) හාස්‍යජනක කතාවක්‌ කෙන්යාවෙන් අසන්නට ලැබේ. මෙම පුවත සැලකරන ලද්දේ "ටෙලිග්‍රාෆ්" ප්‍රවෘත්ති සේවයේ නයිරෝබි වාර්තාකරුවන නික්‌ වැඩ්හැම්ස්‌ විසිනි.

දක්‌ෂිණ නයිරෝබි ගොවිපළවල අස්‌වනු නෙළීමට යන එන ගැහැනුන්ට හා කෙල්ලන්ට බැල්ම හෙළන සල්ලාල වඳුරන්ගේ ක්‍රියාව ප්‍රේමය පිළිබිඹු කරනවාට වඩා කාමෝන්මාද ස්‌වරූපයක්‌ දරන බැවින් දැරිය නොහැකි හිරිහැරයක්‌ හා උවදුරටක්‌ බවට පත්ව තිබේ.

Thursday, December 23, 2010

කාන්තාවක් ඉගියෙන් පවසන දේ දැන ගැනීමට අවශ්‍යද? (Understand women language)

කන්තාවන් බොහෝ විට කෙලින් කියන්න ඔනෙ දේ කියන්නෙ නෑනෙ. ඔබට කාන්තාවක් ඉගියෙන් පවසන දේ දැන ගැනීමට අවශ්‍ය නම් මෙන්න කියාපු උපකරණය,



Total Pageviews

Advertise