Showing posts with label crime. Show all posts
Showing posts with label crime. Show all posts

Saturday, May 21, 2011

උපවාස කරන රැඳවියන් තිදෙනකුට අසාධ්‍යයි

මරණීය දණ්ඩනයට සහ ජීවිතාන්තය දක්වා සිරඳඩුවම් නියමූ රැඳවියන්ට සහන සලසන ලෙස ඉල්ලා, වැලිකඩ බන්ධනාගාරයේ උපවාසයේ නිරතව සිටින රැඳවියන්ගෙන් අසාධ්‍ය තත්ත්වයේ සිටින තිදෙනකුට බන්ධනාගාර රෝහලෙන් ප්‍රතිකාර ලබාදුන් බව එම උපවාසකරුවෝ පවසති. මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ සිටින මරණීය දණ්ඩනයට නියමවූ රැඳවියන් 20 දෙනකු ද, කාන්තා අංශයේ රැඳවියන් 04 දෙනකු ද මහර බන්ධනාගාරයේ සිටින ජීවිතාන්තය දක්වා සිපිරිගෙට නියමවු රැඳවියන් 04 දෙනකුද මේ උපවාසයට එක්ව සිටිති.
මරණීය දණ්ඩනයට නියම වූ, ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ, මෙන්ම දඬුවම් විඳීන හා රිමාන්ඩ් භාරයේ සිටින රැඳවියන් 5000ක් පමණ මේ උපවාසයට ඊයේ (20) වන විට සහය පළකර තිබිණි. මේ රැඳවියන් පෙරේදා (19) සිට ආහාර වර්ජනයකට එක්වෙමින් වහල මත නැගී සිටින රැඳවියන්ට සහය පළ කරන අතර බන්ධනාගාර බලධාරීන් වරින්වර රැඳවියන් කණ්ඩායම සමඟ සාකච්ඡා පැවැත් වුවද ඒවා අසාර්ථක වූ බව රැඳවියෝ පැවැසූහ.

Sunday, April 17, 2011

මූන්ගේ විද්වත් මණ්‌ඩලයෙන් රජයට යුද අපරාධ චෝදනා

එක්‌සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන්ගේ විද්වත් මණ්‌ඩලය විසින් නිකුත් කළ වාර්තාව මගින් ශ්‍රී ලංකා රජයට යුද අපරාධ චෝදනා එල්ල කර ඇති අතර එම අපරාධවලට වගකිවයුතු පාර්ශ්වයනට එරෙහිව කටයුතු කළ යුතු යෑයි ද දන්වා ඇත.

මෙම වාර්තාවට පදනම් වී ඇත්තේ රටවල් අටක කොටි හිතවාදී සංවිධාන විස්‌සක්‌ සහ දෙස්‌ විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන පනහක්‌ විසින් සපයන ලද තොරතුරු බව අනාවරණය වී තිබේ. එසේම අදාළ තොරතුරු සැපයූ කිසිදු සංවිධානයක අනන්‍යතාවය තහවුරු කර ගැනීමට විද්වත් මණ්‌ඩලය ක්‍රියාකර නැතැයිද වාර්තා වේ. මෙම වාර්තාව මගින් කොටි සංවිධානයට එරෙහිව කිසිදු චෝදනාවක්‌ එල්ලකර නැත.

විද්වත් මණ්‌ඩලයට තොරතුරු සැපයූවන් අතර කොටි අරමුදල් මත යෑපුණ විදේශිකයන් දසදෙනෙකු ද සිටින බව හෙළි වී ඇත.

Saturday, April 16, 2011

කෑගල්ලට ගණිකා ඇසුර පතා ආවොත් සේසතම පුදා යන්න වෙයිලු!


ගණිකාවන්ගේ පහස ලබාගැනීමට කෑගල්ල නගරයට පැමිණෙන පිරිමි පුද්ගලයන් හා මිතුරු වී ඔවුන් මඳ දුරක්‌ කැඳවාගෙන ගොස්‌ පසුව ඔවුන්ට අමානුෂික ලෙස පහරදී ඔවුන් සතු මුදල් හා රන් භාණ්‌ඩ කොල්ලකා පලා යන ගණිකා වෘත්තියේ නියෑලුන කාන්තාවන් දෙදෙනකු හා ඔවුන්ට එම කොල්ලකෑම් සිදුකිරීමට ආධාර හා අනුබල දුන් පිරිමි පුද්ගලයකු සම්බන්ධයෙන් කරුණු අනාවරණය කරගත් කෑගල්ල මූලස්‌ථාන පොලිසිය පසුගියදා එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

අපරාධ විමර්ශන අංශයේ පොලිස්‌ පරීක්‍ෂක සමන් කේ. සේනානායක මහතාට ලැබුණු තොරතුරකට අනුව සැකකරු කෑගල්ල නගරයේදී කොටුකරගෙන තිබේ.

Wednesday, April 13, 2011

මහරගම අවට නිවෙස්‌ සුද්ධ කළ හොරා පොලිස්‌ දෙදෙනෙක්‌ දැලේ (නිල ඇඳුම් සපයා ඇත්තේ කොස්‌තාපල් කෙනෙක්‌)




පොලිස්‌ නිල ඇඳුමෙන් සැරසී පොලිස්‌ 119 සේවයේ නම විකුණමින් කාලයක්‌ තිස්‌සේ මහරගම සහ ඒ අවට පළාත්වල නිවෙස්‌වලට ගොස්‌ රන් ආභරණ මිල මුදල් යතුරු පැදි කොල්ල කෑ ව්‍යාජ උප පොලිස්‌ පරීක්‍ෂකවරයෙක්‌ සහ සැරයන්වරයෙක්‌ තලංගම පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූහ.



මෙම දෙදෙනාට පොලිස්‌ ඇඳුම් සැපයූ රාජකාරියේ යෙදී සිටින පොලිස්‌ කොස්‌තාපල්වරයකුද සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.



මෙම කල්ලිය නිවෙස්‌ දහයකට ගොස්‌ රුපියල් ලක්‍ෂ ගණනක්‌ වටිනා රන් අභරණ මෙසේ පැහැරගෙන ගොස්‌ තිබේ.



ව්‍යාජ උප පොලිස්‌ පරීක්‍ෂකවරයා එක්‌ අයෙකුගෙන් මෙසේ කට උත්තර ගනිද්දී, සැරයන්වරයා ලෙස සිවිල් ඇඳුමෙන් පෙනී සිටි තැනැත්තා නිවෙස්‌වල අල්මාරි විවෘත කර මෙසේ රන් අභරණ මිල මුදල් සාක්‌කුවේ දමා ගැනීමට පුරුදුවී ඇත.



උප පොලිස්‌ පරීක්‍ෂකවරයා වෙනුවෙන් පෙනී සිටි ප්‍රධාන සැකකරු ත්‍රීවීල් රථ රියෑදුරෙකු බව තලංගම පොලිසිsය කියයි.



මොහුගේ ත්‍රීවීල් රථයෙන් මීට කලින් ගිය පොලිස්‌ නිලධාරින් පරීක්‍ෂණ පවත්වන ආකාරය තමා හොඳින් දැන ඇති බවද ඒ අනුව මෙම හොරකම සිදුකිරීමට තමාගේ සිත තුළ අදහසක්‌ ඇතිවූ බවද සැකකරු පවසා තිබේ.


Sunday, April 10, 2011

"බඩු පලයං සල්ලි වරෙන්" (කොළඹ නගරයේ ජල්බරි සහ මගඩි)

කොළඹ නගරය ලස්‌සන වෙමින් පවතී. හැම තැනම මල්ය, ගස්‌ වදුලුය, ලතා මඩුලුය, දිය ඇලිය, අලංකාර වට රවුම්ය. මියුසික්‌ හෝනයක්‌ අඬවමින් මගේ ඇඟේ ගෑවී නොගෑවී ගිය ත්‍රිරෝද රියක පසුපස අළවා තිබූ "මුහුණේ ලස්‌සන හදවතේ ඇත්නම්" යන වදන ඇති ස්‌ටිකරයක්‌ දැක මට සිතුණේ කොළඹ නගරයේ උඩින් පේන ලස්‌සන ඇත්තටම එහි ජීවත් වන සමහරුන් තුළ තිබෙනවාද යන්නයි. කුරුඳුවත්ත හොඳය. කොල්ලුපිටියද හොඳය. වැල්ලවත්ත, තිඹිරිගස්‌යාය නාරාහෙන්පිට වැනි නගරද නරක නැත. ඒත් පිටකොටුව හෙවත් ගෙන්දගං පොළොව හොඳයි කියා කියන්නට කාට හැකිද?

ගෙන්දගං පොළොවට හිරු එළිය වැටී එහි ඇති දූවිල්ල සමඟ ඉහළට එසවෙන රස්‌නය දරා ගැනීම හැමෝටම ලේසි නැත. කරදිය වළල්ල පාගපු ඉර හඳ උලා කා වැද්දන්ගෙන් බණ අහපුගල් පළා මද කා ෙ-තවනේට ගල් ගසපු අයට එය එතරම් අසීරුවක්‌ නොවුණත් ගමෙන් එන අහිංසක ගැමියන්ට එය අමාරු කරුණකි. පරිසරය කොතරම් හානිකර වුවත්, ගතට පීඩා කරත් ඒ සියල්ලට වඩා අමාරු වන්නේ කොළඹ කාක්‌කන්ගෙන් ඔළුව බේරා ගැනීමටයි.

දුර ඈත තියාම දකින අහිංසක මෝඩ පුද්ගලයාගේ ඉරියව් කතා බහ හා හැසිරීම ආදිය මනාව නිරීක්‍ෂණය කිරීමෙන් එම තැනැත්තාව රැවටිය හැකි උපක්‍රමය කුමක්‌දැයි තීරණය කිරීමට මේ කොළඹ කාක්‌කන් දනී. කය බස (ඉදාහ ක්‌බටම්ටැ) කියවා යමෙකුගේ දුර්වල තැන් අඳුනා ගැනීමටත් ඉන් උපරිම පළ නෙළා ගැනීමටත් මෙම හොර තක්‌කඩි අතිදක්‍ෂයෝ වෙති. ගැමියන් මේවාට මගඩි කියා ආමන්ත්‍රණය කරද්දී නාගරිකයෝ කියන්නේ ජල්තර හෙවත් පාරවල් කියාය. මේ ජල්තර අද ඊයේ පටන් ගත් ඒවා නොවේ. දශක කීපයක්‌ තිස්‌සේ අපි ඒවා ගැන පත්තරවලින් කියවමු. රූපවාහිනියෙන් දකින්නෙමු. අපද බොහෝවිට මේ ගැන සමාජ විමර්ශන පිටුව තුළින් ලියා ඇත්තෙමු. එහෙත් තාමත් දිනපතා අඩුවක්‌ නැතිව නිතර නිතර මේ ජල්තර වලට මිනිස්‌සු අසුවෙති.

194 computer crime investigations ongoing but no indictments yet


As many as 194 investigations under the Computer Crime Act No.24 of 2007 are ongoing although indictments have not been filed to date, Justice Ministry Secretary Suhada Gamlath last week told an international workshop in Colombo on Cooperation against Cyber Crime in South Asia. However, he pointed out that this was not unusual, saying this is the experience of many countries. Hence the need for further collective effort at domestic, regional and international level to give teeth to the law, especially through further work on electronic evidence as well as training of judges and prosecutors, he said.

The workshop was jointly hosted by the Council of Europe and the Information and Communication Technology Agency of Sri Lanka (ICTA).

The Secretary who was the guest of honour at the inauguration of the workshop at the Hilton Colombo Residence said that the ICTA was a source of strength to the Justice Ministry. He commended the staff of ICTA and in particular Mr. Jayantha Fernando, Director/Legal Advisor, towards the formulation of the Computer Crime Act adding that more work remains to be done.
In his address of welcome ICTA Chairman, Professor P. W. Epasinghe, said: "For countries of South Asia – as for societies in other regions of the world - information and communication technologies provide unprecedented opportunities for social and economic development. However, as societies rely on ICT, at the same time they become vulnerable to risks such as cybercrime. Cooperation at all levels - interagency, public-private, international - is a crucial element of the response.

Thursday, February 17, 2011

වෙළඳසැලක තරුණියකට ලිංගික අතවර............

ගිරාඳුරු කෝට්ටේ වෙළඳසැලක සේවය කළ 20 හැවිරිදි තරුණියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගිරාදුරු කෝට්ටේ පොලිසියේ කොස්තාපල්වරයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අදාළ තරුණිය මහියංගණය , ‍සොරබොර වැව පාරේ නිවසකට රැගෙන ගොස් ලිංගික අතරවරයට ලක් කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

මේ අතර හාළි - ඇල සානියාවත්ත ප්‍රදේශයේ කාන්තාවකට තියුණු ආයුධයකින් ඇන තුවාල සිදු කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ජංගම දුරකථනයක් උකස් කර ලබා ගත් යළි නොගෙවීම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම සිදුවීම සිදුව ඇති බව බදුල්ල පොලිසිය පවසයි.

Friday, February 11, 2011

අවසන් සටනේ යුද රහස්‌!

"එල්.ටී.ටී.ඊ. සංවිධානයට යුද්ධයක්‌ අවශ්‍යව නොතිබූ බව මාගේ පෞද්ගලික අවබෝධයයි. ඔවුන් යුද්ධයක නිරතව නොසිටි අතර යුද්ධයක නිරතව සිටියේ රජයයි. එල්.ටී.ටී.ඊ. ය යුද්ධයකට ඈ¹ ගනු ලැබුවේ ද මහින්ද රාජපක්‍ෂගේ නායකත්වයෙන් යුත් වත්මන් රජයයි. එමෙන්ම එල්.ටී.ටී.ඊ. ය දෙමළ ජනතාවගේ යහපත උදෙසා අදාළ පියවර ගැනීමට කැපවී සිටියා යෑයි මෙහිලා සඳහන් කළ යුතුමය."

ටී.එන්.ඒ. පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්දන් මහතාගේ අදහස්‌ ඇසුරෙන් "සාම විමර්ශි" සඟරාවේ 2009 ජනවාරි කලාපයෙහි පළවූ ලිපියක එසේ සඳහන් වී තිබිණි.

Total Pageviews

Advertise