Showing posts with label අපයෝජන. Show all posts
Showing posts with label අපයෝජන. Show all posts

Thursday, June 23, 2011

බස්‌ එකේ යන්න බය වෙන්න එපා

"ගෙදර යන්නේ නැද්ද?" රැකියාව නිම වී තවමත් පිටත්වීමට සූදානම් නැති යෙහෙළියකගෙන් සකුනි ඇහුවා. 

"අපෝ මේ වෙලාවට ගියොත් බස්‌ එකේ රණ්‌ඩු තමයි. ටිකක්‌ සෙනග අඩු වුනාම යනවා" මේ සකුනිගේ යෙහෙළිය දුන් පිළිතුර. 

"ඒ මොකද ඒ" සකුනි ඇහුවා. 

"දන්නැද්ද මේ සෙනග වෙලාවට බස්‌ එකේ අල්ලන්නයි, වද්දන්නයි, මිරිකන්නයි, අතගාන්නයි කට්‌ටිය වැඩි නේ ඉතිං හැමදාම රණ්‌ඩු තමයි." 

"ආපෝ.. ඒක නං ඇත්ත. බස්‌ ගමන තිත්ත වෙනවා ඒ වෙලාවට ලැඡ්ජාව නිසා මොකුත් කියන්නත් බෑ. " සකුනි කිව්වා. 

"හරි වැඩක්‌ නේ මම නං බනිනවා. ඒ මදිනං හොඳට අත දිග ඇරලා දෙනවා." සකුනිගේ යෙහෙළිය කිව්වා.

පොදු ප්‍රවාහන සේවාවන් තුළ සිදුවන කාන්තා අතවර, කාන්තා හිංසනය පිළිබඳ ඕනෑ තරම් අපි කතා කර ඇත්තෙමු. එහෙත් යම් සිදුවීමක්‌ සමඟ එහි උණුසුම ඇති තෙක්‌ ඒ ගැන කතා කළද එතනින් එහාට සිදු වූ දෙයක්‌ නැත.

පසුගිය දිනෙක විවිධ ක්‌ෂේත්‍රවල සේවයේ නියුතු කිහිප දෙනෙකු සමඟ මේ ගැන කතා කරන්නට අවස්‌ථාවක්‌ ලැබුණා. ඒ කතා බහ ඔබත් සමඟ බෙදා ගන්නට අවශ්‍ය යෑයි අපි හිතුවා. 

ඔබ කාන්තාවක්‌ නම්, පොදු ප්‍රවාහන සේවයක ගමන් කරන්නේ නම්, මේ අත්දැකීම් ඔබට ආගන්තුක නැත. එසේ නොවී, ඔබ පුරුෂ පක්‌ෂයේ කෙනෙකු නම් ඔබගේ මව, බිරිඳ සොයුරිය, දියණිය මේ අත්දැකීම්වලට මුහුණ දුන්නා විය හැකිය.

මෙවැනි සිදුවීමක්‌ හමුවේ ඔබ ක්‍රියා කළේ කෙසේදැයි මදක්‌ සිහිකර බලන්න. බස්‌ රථයක්‌ තුළදී කාන්තාවකට අතවරයක්‌ සිදු වූ විට එයට විරුද්ධව වචනයක්‌ හෝ පැවසූ කෙනෙක්‌ වේ නම් ඒ කලාතුරකිනි. අඩුම තරමින් එම අතවරයට මුහුණ පෑ කාන්තාව පවා එය මග හැර යාමට උත්සාහ දරන්නේ රණ්‌ඩු වීමට බැරිකම නිසා හා ඇතිවන ලැඡ්ජාව නිසයි.

ඒ අවසරයෙන් මෙම විකෘති මානසික තත්ත්වයන් ඇති වුන් උපරිම ප්‍රයෝජන ලබති.

"මම ඔහොම අවස්‌ථා කීපයකටම මූණ දීලා තියෙනවා. ඔය මිනිස්‌සු දන්නවා අපි ලැඡ්ජාවට කතා කරන්නේ නෑ කියලා. ඒ නිසා තමයි නිදහසේ ඉන්නේ. හේත්තුවක්‌ දාන්න ලෑස්‌තිවෙනවා කියලා දැනුන ගමන්ම ක්‍රියාත්මක වෙන්න ඕන. අඩුම තරමින් රවලා හරි බැලුවොත් ඒ පුද්ගලයා අධෛර්ය වෙනවා. මම කරන්නේ ළඟ ඉන්න කෙනෙකුට කාට හරි කියනවා "නිකනුත් යන්න බෑ තව මිනිහෙක්‌ කර ගහගෙන යන්නත් ඕන" කියලා. පිරිමි කෙනෙකුට නං වැඩිය හොඳයි" 

Saturday, April 16, 2011

කාන්තාවට අඩන්තේට්‌ටම් කිරීමට එරෙහිව පවතින නීතිය

"සාපරාධී බලහත්කාරය", "අඩන්තේට්‌ටම් කිරීම" ආදී වචන අප පුවත්පත් වාර්තාකරණයේ දී මෙන් ම රූපවාහිනී සහ ගුවන් විදුලි ප්‍රවෘත්ති නිවේදනයන්හිදීද නිරන්තරයෙන් අසා ඇත. එහෙත් ඒ වචනවල සැබෑ අරුත මෙන්ම, එම ක්‍රියාවන්හි නෛතික ප්‍රතිඵලයන් මොනවාදැයි බොහෝ දෙනෙක්‌ නොදනිති. 


ඉහත නිර්වචනයන් දෙවර්ගයම අප රටේ ස්‌ථාපිත දණ්‌ඩ නීති සංග්‍රහයේ සඳහන් වේ. සාපරාධී බලහත්කාරය සහ අඩන්තේට්‌ටම් කිරීම සම්බන්ධයෙන් දණ්‌ඩ නීති සංග්‍රහයේ ඇති වගන්තීන් කාන්තාවන්ට පමණක්‌ සීමා වූ ඒවා නොවේ. නමුත් බහුල ලෙස මෙම වරදවලින් පීඩා වට ලක්‌වන්නේ කාන්තාවෝ ය. 

"අඩන්තේට්‌ටම් කිරීම" යනු යම් කාන්තාවක්‌ වෙත සාපරාධී බලහත්කාරය පාවිච්චි කිරීම පිළිබඳ බියක්‌ ඇය තුළ ඇති කිරිමේ අදහසින් හෝ, බියක්‌ ඇති කළ හැකි යෑයි සිතිය හැකි ක්‍රියා කලාපයක්‌ මාර්ගයෙන් යම් ක්‍රියාවක්‌ කිරීමයි. 

උදාහරණයක්‌ ලෙස A විසින් B නමැති කාන්තාව වෙත මිට මොළවයි. මෙහිදි ඊ නැමැති කාන්තාවට පහරදීමක්‌ ආසන්න යෑයි විශ්වාස කෙරේ නම් හෝ, පහරදීමක්‌ විමට ඉඩ ඇති බව අදහස්‌ වේ නම්, එවිට A විසින් B නැමති කාන්තාවට අඩන්තේට්‌ටමක්‌ කළා සේ සැළකේ. 

Sunday, April 10, 2011

"බඩු පලයං සල්ලි වරෙන්" (කොළඹ නගරයේ ජල්බරි සහ මගඩි)

කොළඹ නගරය ලස්‌සන වෙමින් පවතී. හැම තැනම මල්ය, ගස්‌ වදුලුය, ලතා මඩුලුය, දිය ඇලිය, අලංකාර වට රවුම්ය. මියුසික්‌ හෝනයක්‌ අඬවමින් මගේ ඇඟේ ගෑවී නොගෑවී ගිය ත්‍රිරෝද රියක පසුපස අළවා තිබූ "මුහුණේ ලස්‌සන හදවතේ ඇත්නම්" යන වදන ඇති ස්‌ටිකරයක්‌ දැක මට සිතුණේ කොළඹ නගරයේ උඩින් පේන ලස්‌සන ඇත්තටම එහි ජීවත් වන සමහරුන් තුළ තිබෙනවාද යන්නයි. කුරුඳුවත්ත හොඳය. කොල්ලුපිටියද හොඳය. වැල්ලවත්ත, තිඹිරිගස්‌යාය නාරාහෙන්පිට වැනි නගරද නරක නැත. ඒත් පිටකොටුව හෙවත් ගෙන්දගං පොළොව හොඳයි කියා කියන්නට කාට හැකිද?

ගෙන්දගං පොළොවට හිරු එළිය වැටී එහි ඇති දූවිල්ල සමඟ ඉහළට එසවෙන රස්‌නය දරා ගැනීම හැමෝටම ලේසි නැත. කරදිය වළල්ල පාගපු ඉර හඳ උලා කා වැද්දන්ගෙන් බණ අහපුගල් පළා මද කා ෙ-තවනේට ගල් ගසපු අයට එය එතරම් අසීරුවක්‌ නොවුණත් ගමෙන් එන අහිංසක ගැමියන්ට එය අමාරු කරුණකි. පරිසරය කොතරම් හානිකර වුවත්, ගතට පීඩා කරත් ඒ සියල්ලට වඩා අමාරු වන්නේ කොළඹ කාක්‌කන්ගෙන් ඔළුව බේරා ගැනීමටයි.

දුර ඈත තියාම දකින අහිංසක මෝඩ පුද්ගලයාගේ ඉරියව් කතා බහ හා හැසිරීම ආදිය මනාව නිරීක්‍ෂණය කිරීමෙන් එම තැනැත්තාව රැවටිය හැකි උපක්‍රමය කුමක්‌දැයි තීරණය කිරීමට මේ කොළඹ කාක්‌කන් දනී. කය බස (ඉදාහ ක්‌බටම්ටැ) කියවා යමෙකුගේ දුර්වල තැන් අඳුනා ගැනීමටත් ඉන් උපරිම පළ නෙළා ගැනීමටත් මෙම හොර තක්‌කඩි අතිදක්‍ෂයෝ වෙති. ගැමියන් මේවාට මගඩි කියා ආමන්ත්‍රණය කරද්දී නාගරිකයෝ කියන්නේ ජල්තර හෙවත් පාරවල් කියාය. මේ ජල්තර අද ඊයේ පටන් ගත් ඒවා නොවේ. දශක කීපයක්‌ තිස්‌සේ අපි ඒවා ගැන පත්තරවලින් කියවමු. රූපවාහිනියෙන් දකින්නෙමු. අපද බොහෝවිට මේ ගැන සමාජ විමර්ශන පිටුව තුළින් ලියා ඇත්තෙමු. එහෙත් තාමත් දිනපතා අඩුවක්‌ නැතිව නිතර නිතර මේ ජල්තර වලට මිනිස්‌සු අසුවෙති.

Wednesday, March 9, 2011

නුගේගොඩ කාන්තා විදුහලක සිසුවියකට පෙම්වතා හා තවත් තුන්දෙනෙක් අතවර කරලා

නුගේගොඩ ප්‍රසිද්ධ කාන්තා විදුහලක සිසුවියක් රැගෙන ගොස් දුෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධව එම සිසුවියගේ පෙම්වතා යැයි කියන තවත් පාසල් සිසුවකු ඇතුලු සිව්දෙනෙක් මිරිහාන පොලිසිය මගින් ඊයේ (08) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ. පෙම්වතා ජයවර්ධනපුර ප්‍රදේශයේ පාසලක 11 වසර සිසුවෙකි. අතවරයට ලක් වූ සිසුවියගේ පාසලේම තවත් සිසුවියක් සහ එම අපරාධයට සහය වූ බව කියන දෙදෙනෙක්ද අත්අඩංගුවට පත් වූ අය අතර වෙති. මෙම සිසුවිය පසුගිය 28 වෙනිදා අතුරුදන්ව ඇති බව ඇගේ මවුපියන් පොලිසියට පැමිණිල්ලක්ද කර තිබුණි. 
එදින ඇය පාසල් යන බව කියා නිවසින් පිටව ගොස් පෙම්වතා සමග ඔහුගේ නිවසට ගොස් තිබේ. එහිදී ඔහු ඇයව දුෂණය කර ඇත. ඇය නිවසට ආපසු යාමට අකමැති වූ නිසා සිසුවියගේ හිතවතකුගේ ගරාජයක නවත්වා ඇත. එහිදී එම ගරාජය පවත්වාගෙන ගිය පුද්ගලයාද එම සිසුවිය දුෂණය කර තිබේ. ඇයගේ යෙහෙළිය සහ පෙම්වතා ඊට උදව්කළ බව කටඋත්තරවලින් හෙළි වී ඇත. පසුව මෙම සිසුවිය ඊයේ (08) ඇගේ දෙමාපියන් සොයා ආපසු නිවසට පැමිණ තිබේ.
මෙම සිසුවියන් දෙදෙනා එම කාන්තා පාසලේ 10 වෙනි වසරේ ඉගනුම ලබන අය බව පොලිසිය කියයි. ඇයට සිදුව ඇති අතවරය සම්බන්ධයෙන් වෛද්‍යවාර්තාවක් ද ලබාගෙන ඇත. මොවුන් සියලු දෙනාම ඊයේ (08) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. නුගේගොඩ ප්‍රදේශභාර පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් යටතේ කාන්තා පොලිස් පරීක්‍ෂක කුසුම් මහත්මිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

වෙන්නප්පුව හා දංකොටුවේ ගණිකා නිවාස 2 ක්

වෙන්නප්පුව හා දංකොටුවේ ගණිකා නිවාස 2 ක් වටලයිවෙන්නප්පුව සහ දංකොටුව යන ප්‍රදේශ වල පවත්වා ගෙන ගිය ගණිකා නිවාස දෙකක් වටලා කාන්තාවන් දස දෙනෙකු වලාන දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

එම ගණිකා නිවාස වල කළමනාකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව වලාන දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද බාලසූරිය මහතා ප්‍රකාශ කළේය. 

වෙන්නප්පුව දුම්මලදෙණිය ප්‍රදේශයේ දී එක් ගණිකා නිවාසයක් වට‍ලා ඇති අතර එහි දී කාන්තාවන් සිව් දෙනෙකු අත්ඩඅංගුවට ගෙන ඇත. 

දංකොටුව, පන්නල මාර්ගයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයේ දී අනෙක් කාන්තාවන් හය දෙනා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. 

වෙන්නප්පුව ‍දුම්මලදෙණිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසය ආරක්ෂක අංශ නිලධාරියෙකු විසින් පවත්වාගෙන ගොස් ඇති බවට සිදුකළ පරීක්ෂණ වලින් අනාවරණය වූ බව දුමින්ද බාලසූරිය මහතා ප්‍රකාශ කළේය. 

මාරවිල මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතාගෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවක් අනුව ඊයේ(07) පස්වරුවේ මෙම ගණිකා නිවාස වටලා තිබේ. 

අත්අඩංගුවට ගත් සැකකරුවන් මාරවිල පොලිසියට භාර දී ඇති අතර ඔවුන් අද(08) මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Thursday, February 17, 2011

වෙළඳසැලක තරුණියකට ලිංගික අතවර............

ගිරාඳුරු කෝට්ටේ වෙළඳසැලක සේවය කළ 20 හැවිරිදි තරුණියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගිරාදුරු කෝට්ටේ පොලිසියේ කොස්තාපල්වරයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අදාළ තරුණිය මහියංගණය , ‍සොරබොර වැව පාරේ නිවසකට රැගෙන ගොස් ලිංගික අතරවරයට ලක් කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

මේ අතර හාළි - ඇල සානියාවත්ත ප්‍රදේශයේ කාන්තාවකට තියුණු ආයුධයකින් ඇන තුවාල සිදු කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ජංගම දුරකථනයක් උකස් කර ලබා ගත් යළි නොගෙවීම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම සිදුවීම සිදුව ඇති බව බදුල්ල පොලිසිය පවසයි.

Friday, February 11, 2011

පාසල් දරුවන්ට "කුණුහරුප" විකුණද්දී දෙදරු පියා අල්ලයි

පාසල් දරු දැරියන් අතරේ අසභ්‍ය සඟරාවක්‌ බෙදා හරිමින් සිටි 57 හැවිරිදි දෙදරු පියකු අත්අඩංගුවට ගෙන ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි.

ගලේවෙල පොලිස්‌ථානයේ දූෂණ මර්දන අංශයේ ස්‌ථානාධිපති පො. ප. ප්‍රියශාන්ත බණ්‌ඩාර මහතාට ලැබුණු තොරතුරකට අනුව විශේෂ පොලිස්‌ නිලධාරි කණ්‌ඩායමක්‌ විසින් ගලේවෙල නගරයට නුදුරින් වූ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක්‌ අසල තිබූ නිවසක්‌ පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව මෙම අසභ්‍ය සඟරා තොගය පොලිසිය විසින් සොයාගෙන තිබේ.

මෙම සඟරාව පාසල් දරු දැරියන්ට රු. 200 බැගින්a විකුණන බවත් පොලිසිය අනාවරණය කරගෙන තිබෙන අතර අත්අඩංගුවටගත් මෙම අසභ්‍ය සඟරා තොගය හා සැකකරු පෙරේදා (9 වැනිදා) දඹුල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

ගලේවෙල පොලිස්‌ ස්‌ථානාධිපති පො.ප. රුෂාන්ත පෙරේරා මහතාගේ උපදෙස්‌ පරිදි පො. ප. ප්‍රියශාන්ත බණ්‌ඩාර, පො. සැ. (27325) අතාවුද (31057) වික්‍රමාරච්චි, පො. කො. (33165) රංජීව (18980) සම්පත් යන මහත්වරු මෙම වැටලීම සිදු කළහ.

ගලේවෙල - සාතික්‌ මොහොමඩ්

Sunday, January 23, 2011

ළමා නිවාස වල අපයෝජන

දිවයින පුරා ඇති සියලු ළමා නිවාස වල කටයුතු විශේෂ පරීක්ෂාවට‍ ලක්කරන බව ජාතික ළමා රක්ෂණ අධිකාරිය පවසයි.

ළමා නිවාස වල දී ළමුන්ට සිදු වන අපයෝජන සම්බන්ධයෙන් ලැබෙන පැමිණි ඉහළ ගොස් ඇති බව ජාතික ළමා රක්ෂණ අධිකාරියේ සභාපති නීතීඥ අනෝමා දිසානායක මහත්මිය ප්‍රකාශ කළාය.

මේ වන විට ළමා නිවාස වල වගකිවයුත්තන් 06 දෙනෙකු අධිකරණ මගින් රිමාන්ඩ් භාරයට පත්කර ඇති බවත්,මෙය ශෝචනීය තත්ත්වයක් බවත් ඇය අද දෙරණට කියා සිටියාය.

ළමුන්ගේ උපරිම යහපත සලකා ඒ වෙනුවෙන් ක්‍රියා කරන ලෙස සියලුම ළමා නිවාස වල පාලක පාලිකාවන්ගෙන් තමා ඉල්ලා සිටින බවද ඇය සඳහන් කළාය.

වෙනදාට වැඩියෙන් කාර්යක්ෂමව වැටලීම් කටයුතු සිදුකිරීමට ජාතික ළමා රක්ෂණ අධිකාරිය කටයුතු කරමින් සිටින බවද නීතීඥ අනෝමා දිසානායක මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

Saturday, November 27, 2010

වයස අවුරුදු 10ට අඩු මනාලියෝ

මීට දින කිහිපයකට කලින් ස්නූපර් ගෙ විද්‍යුත් ලිපිනයට ආපු ලිපියක් ගැන හොයල බලද්දි මේ ගැන හමෝටම කියන්න හිතුන. මේ උත්සවය මීට දින කිහිපයකට කලින් පැවතුනේ. මෙතන කපල්ස් 450ක් ඉදල, එතනින් ලාබාලම මනාලියට වයස අවුරුදු 6යි.
කාට කියන්නද ?
මෙවැනි මංගල උත්සව ගාසා තීරයේ රටවල මුස්ලිම් ජනතාවට නම් එතරම් නුහුරු දෙයක් නෙමේ.
වැඩි විස්තර නැතුව කෙලින්ම වෙඩින්ග් ෆොටෝස්ම දාන්නම්කො.

Total Pageviews

Advertise