Showing posts with label අඩන්තේට්‌ටම්. Show all posts
Showing posts with label අඩන්තේට්‌ටම්. Show all posts

Thursday, June 23, 2011

බස්‌ එකේ යන්න බය වෙන්න එපා

"ගෙදර යන්නේ නැද්ද?" රැකියාව නිම වී තවමත් පිටත්වීමට සූදානම් නැති යෙහෙළියකගෙන් සකුනි ඇහුවා. 

"අපෝ මේ වෙලාවට ගියොත් බස්‌ එකේ රණ්‌ඩු තමයි. ටිකක්‌ සෙනග අඩු වුනාම යනවා" මේ සකුනිගේ යෙහෙළිය දුන් පිළිතුර. 

"ඒ මොකද ඒ" සකුනි ඇහුවා. 

"දන්නැද්ද මේ සෙනග වෙලාවට බස්‌ එකේ අල්ලන්නයි, වද්දන්නයි, මිරිකන්නයි, අතගාන්නයි කට්‌ටිය වැඩි නේ ඉතිං හැමදාම රණ්‌ඩු තමයි." 

"ආපෝ.. ඒක නං ඇත්ත. බස්‌ ගමන තිත්ත වෙනවා ඒ වෙලාවට ලැඡ්ජාව නිසා මොකුත් කියන්නත් බෑ. " සකුනි කිව්වා. 

"හරි වැඩක්‌ නේ මම නං බනිනවා. ඒ මදිනං හොඳට අත දිග ඇරලා දෙනවා." සකුනිගේ යෙහෙළිය කිව්වා.

පොදු ප්‍රවාහන සේවාවන් තුළ සිදුවන කාන්තා අතවර, කාන්තා හිංසනය පිළිබඳ ඕනෑ තරම් අපි කතා කර ඇත්තෙමු. එහෙත් යම් සිදුවීමක්‌ සමඟ එහි උණුසුම ඇති තෙක්‌ ඒ ගැන කතා කළද එතනින් එහාට සිදු වූ දෙයක්‌ නැත.

පසුගිය දිනෙක විවිධ ක්‌ෂේත්‍රවල සේවයේ නියුතු කිහිප දෙනෙකු සමඟ මේ ගැන කතා කරන්නට අවස්‌ථාවක්‌ ලැබුණා. ඒ කතා බහ ඔබත් සමඟ බෙදා ගන්නට අවශ්‍ය යෑයි අපි හිතුවා. 

ඔබ කාන්තාවක්‌ නම්, පොදු ප්‍රවාහන සේවයක ගමන් කරන්නේ නම්, මේ අත්දැකීම් ඔබට ආගන්තුක නැත. එසේ නොවී, ඔබ පුරුෂ පක්‌ෂයේ කෙනෙකු නම් ඔබගේ මව, බිරිඳ සොයුරිය, දියණිය මේ අත්දැකීම්වලට මුහුණ දුන්නා විය හැකිය.

මෙවැනි සිදුවීමක්‌ හමුවේ ඔබ ක්‍රියා කළේ කෙසේදැයි මදක්‌ සිහිකර බලන්න. බස්‌ රථයක්‌ තුළදී කාන්තාවකට අතවරයක්‌ සිදු වූ විට එයට විරුද්ධව වචනයක්‌ හෝ පැවසූ කෙනෙක්‌ වේ නම් ඒ කලාතුරකිනි. අඩුම තරමින් එම අතවරයට මුහුණ පෑ කාන්තාව පවා එය මග හැර යාමට උත්සාහ දරන්නේ රණ්‌ඩු වීමට බැරිකම නිසා හා ඇතිවන ලැඡ්ජාව නිසයි.

ඒ අවසරයෙන් මෙම විකෘති මානසික තත්ත්වයන් ඇති වුන් උපරිම ප්‍රයෝජන ලබති.

"මම ඔහොම අවස්‌ථා කීපයකටම මූණ දීලා තියෙනවා. ඔය මිනිස්‌සු දන්නවා අපි ලැඡ්ජාවට කතා කරන්නේ නෑ කියලා. ඒ නිසා තමයි නිදහසේ ඉන්නේ. හේත්තුවක්‌ දාන්න ලෑස්‌තිවෙනවා කියලා දැනුන ගමන්ම ක්‍රියාත්මක වෙන්න ඕන. අඩුම තරමින් රවලා හරි බැලුවොත් ඒ පුද්ගලයා අධෛර්ය වෙනවා. මම කරන්නේ ළඟ ඉන්න කෙනෙකුට කාට හරි කියනවා "නිකනුත් යන්න බෑ තව මිනිහෙක්‌ කර ගහගෙන යන්නත් ඕන" කියලා. පිරිමි කෙනෙකුට නං වැඩිය හොඳයි" 

Saturday, May 21, 2011

අල්ලස් ගනිද්දී පොලිස් පරීක්ෂක කොටු වෙයි

රථවාහන බලපත්‍රවලට සම්බන්ධ වරදක් සිදු කළ පුද්ගලයෙකුට එරෙහිව නීති මඟින් කටයුතු නොකර සිටීම සඳහා රුපියල් 10000ක අල්ලසක් ඉල්ලා ලබා ගත් කොළඹ පොලිස් හදිසි ඇමතුම් ඒකකයේ පොලිස් පරීක්ෂක වරයකු අල්ලස් හෝ දූෂණ විමර්ශනය කිරීමේ කොමිෂම මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. පැමිණිලිකරු මාබිම හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. ඔහු සිදු කළ රථවාහන බලපත්‍ර වරදට මෙසේ අල්ලසක් ඉල්ලා සිටින බව ඔහු විසින් පසුගිය (16) දා අල්ලස් කොමිෂමට පැමිණිලි කර තිබිණි.
ඒ අනුව පෙරේදා (19) පස්වරුවේ මෙම මුදලින් අඩක් එනම් රුපියල් 5000 ක් ගන්නා අවස්ථාවේදීම සැකකරු අත්අඩංගුවට පත්විය. ඔහු ඊයේ (20) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ‘සභාපති’ ඩී.ජේ.ද එස් බාලපටබැඳි මහතාගේ අනුමැතිය යටතේ අධ්‍යක්ෂක ජනරාල් ලක්ෂ්මී ජයවර්ධන මහත්මියගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක ගුණවර්ධන මහතා මෙම වැටලීම සිදු කළේ ය.

විජයානි එදිරිසිංහ

Saturday, April 16, 2011

කාන්තාවට අඩන්තේට්‌ටම් කිරීමට එරෙහිව පවතින නීතිය

"සාපරාධී බලහත්කාරය", "අඩන්තේට්‌ටම් කිරීම" ආදී වචන අප පුවත්පත් වාර්තාකරණයේ දී මෙන් ම රූපවාහිනී සහ ගුවන් විදුලි ප්‍රවෘත්ති නිවේදනයන්හිදීද නිරන්තරයෙන් අසා ඇත. එහෙත් ඒ වචනවල සැබෑ අරුත මෙන්ම, එම ක්‍රියාවන්හි නෛතික ප්‍රතිඵලයන් මොනවාදැයි බොහෝ දෙනෙක්‌ නොදනිති. 


ඉහත නිර්වචනයන් දෙවර්ගයම අප රටේ ස්‌ථාපිත දණ්‌ඩ නීති සංග්‍රහයේ සඳහන් වේ. සාපරාධී බලහත්කාරය සහ අඩන්තේට්‌ටම් කිරීම සම්බන්ධයෙන් දණ්‌ඩ නීති සංග්‍රහයේ ඇති වගන්තීන් කාන්තාවන්ට පමණක්‌ සීමා වූ ඒවා නොවේ. නමුත් බහුල ලෙස මෙම වරදවලින් පීඩා වට ලක්‌වන්නේ කාන්තාවෝ ය. 

"අඩන්තේට්‌ටම් කිරීම" යනු යම් කාන්තාවක්‌ වෙත සාපරාධී බලහත්කාරය පාවිච්චි කිරීම පිළිබඳ බියක්‌ ඇය තුළ ඇති කිරිමේ අදහසින් හෝ, බියක්‌ ඇති කළ හැකි යෑයි සිතිය හැකි ක්‍රියා කලාපයක්‌ මාර්ගයෙන් යම් ක්‍රියාවක්‌ කිරීමයි. 

උදාහරණයක්‌ ලෙස A විසින් B නමැති කාන්තාව වෙත මිට මොළවයි. මෙහිදි ඊ නැමැති කාන්තාවට පහරදීමක්‌ ආසන්න යෑයි විශ්වාස කෙරේ නම් හෝ, පහරදීමක්‌ විමට ඉඩ ඇති බව අදහස්‌ වේ නම්, එවිට A විසින් B නැමති කාන්තාවට අඩන්තේට්‌ටමක්‌ කළා සේ සැළකේ. 

Total Pageviews

Advertise