රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළු වීමට සුදුසුකම් ලබා සිටින සිසුන් දස දහසකට පමණ හමුදා කඳවුරු කීපයකදී සති 03 ක පුහුණුවක් ලබාදීමට සැලසුම් කර ඇති වැඩසටහන ආරම්භ කිරීම අඩුම වශයෙන් සතියකින්වත් කල් දැමීමට හැකිද යන්න සලකා බලා ඒ පිළිබඳව මේ අවස්‌ථාවේදී ගතහැකි සුදුසු ක්‍රියාමාර්ගය පිළිබඳව අදාළ බලධාරීන්ට උපදෙස් දෙන ලෙස ශේ්‍රෂ්ඨාධිකරණය ඊයේ (20 වැනිදා) නීතිපතිට නියෝග කළේය.
උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ ආරක්‍ෂක අමාත්‍යාංශය ඒකාබද්ධව සංවිධානය කර ඇති එම වැඩසටහන අවලංගු කරන්නැයි ඉල්ලා ශිෂ්‍යයන්ගේ මානව හිමිකම් වෙනුවන් පෙනී සිටින සංවිධානයක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව එම නියෝග නිකුත් කෙරිණ.