Showing posts with label oil. Show all posts
Showing posts with label oil. Show all posts

Saturday, April 9, 2011

දේශපාලනය හා ක්‍රිකට්‌!

2011 ලෝක ක්‍රිකට්‌ කුසලානය පිළිබඳ එල්ල වන දේශපාලන විවේචනය එක්‌තරා ප්‍රමාණයකට මහින්ද රාජපක්‍ෂ රජය දුර්මුඛ කරවනසුලු විය. එජාපය හා ජ.වි.පෙ මෙන්ම ඇතැම් වෙබ් අඩවිවලින් ද ඉදිරිපත් කළ විවේචනයේ හරය වූයේ රජය කුසලානයට මුවාවී ජනතාවගේ බඩට ගැසූ බවය. බැලූ බැල්මටම පෙනී ගියේ රටම ලෝක කුසලානය දෙස බලා සිටි මොහොතක රජය ඉන්ධන හා ගෑස්‌ මිල ඉහළ දැමූ බවය. පෙට්‍රල් මිල රුපියල් 10 කින් හා ඩීසල් මිල රුපියල් 3 කින්ද වැඩිවිය. රුපියල් 10 කින් භූමිතෙල් මිල වැඩි කළ අතර ගෑස්‌ මිල රු. 238 කින් වැඩිවිය.

මෙම මිල ඉහළ දැමීමේ සැබෑ හේතුව ලිබියානු අර්බුදයත් සමඟ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යැමය. ඇත්ත වශයෙන්ම එය ශ්‍රී ලංකාවට මොනම ආකාරයකින්වත් පාලනය කළ නොහැකි තත්ත්වයකි. එහෙත් ආණ්‌ඩුවේ ප්‍රමුඛ විවේචකයන් පමණක්‌ නොව වෘත්තීය සමිති මහා සම්මේලනය වැනි නිල සංවිධාන කියා සිටියේද ලෝක කුසලානයට මුවාවී ඉන්ධන හා ගෑස්‌ ඉහළ දැමීම වැරැදි බවය.

තෙල් මිල හා ලිබියානු අර්බුදය

ඉකුත් සඳුදා වන විට ලෝක වෙළෙඳපොළේ තෙල් බැරලයක මිල ඩොලර් 108 ක්‌ පමණ විය. මාස 30 කට පමණ පසු තෙල් බැරලය ඉහළ ගිය උපරිම මිල මෙය විය. ලෝක තෙල් සම්පත ඉතිරිව ඇත්තේ තව වසර 40 කට පමණකැයි ගණන් බලා ඇත. ලෝකය වේගයෙන් ඉදිරියට යද්දී තෙල්වලට ඇති ඉල්ලුම ද ඉහළ යයි. එහෙත් මේ අවස්‌ථාවේ තෙල් මිල ඉහළ ගොස්‌ ඇත්තේ ලිබියාවේ ගඩාෆි පාලනයට එරෙහිව පැන නැගී ඇති කැරැල්ල නිසාය. නේටෝ සංවිධානයත් ගඩාෆිගේ හමුදාවන්ට ගුවන් ප්‍රහාර එල්ල කිරීම නිසා තෙල් මිල ඉහළ යන්නේ පුදුමාකාර වේගයෙනි. අරාබි ලෝකයේ දිගු කාලයක්‌ බලයේ සිටි නායකයන්ට එරෙහිව කැරැලිකාරීත්වය මුලින්ම පැන නැඟුණේ ටියුනීසියාවෙනි. බෙන් අලි පන්නා දැමීමෙන් පසු ඊජිප්තු වැසියෝ සති ගණන් කයිරෝ නුවර තහීර් චතුරශ්‍රයේ උද්ඝෝෂණය කර හොස්‌නි මුබාරක්‌ව පන්නා දැමූහ. ඊජිප්තුවෙන් පසුව ලිබියාවට ද ඉරානයට ද මේ උද්ඝෝෂණ රැල්ල පැතිර ගියේය. කෙසේ නමුත් ඉරානයේ උද්ඝෝෂණ වැඩි කලක්‌ පැවැතියේ නම් නැත. ඇමරිකාව නම් ඉරානයේ උද්ඝෝෂණකරුවන්ට කෙළින්ම සහාය පළ කළ ද එම විරෝධතා දින කිහිපයකින්ම නතර විය. කෙසේ වෙතත් තෙල් බැරලය ඩොලර් 108 කට වැඩිවූ පසු ටෙහෙරාන් නුවරදී මාධ්‍ය ඇමතූ ඉරාන ජනාධිපති මහමුද් අහමදිනිජාඩ් මහතා ප්‍රකාශ කර සිටියේ තෙල් බැරලය ඩොලර් 150 දක්‌වා ඉහළ යා හැකි බවයි. ඔපෙක්‌ රටවල් අතරින් දෙවැනියට වැඩියෙන්ම තෙල් අපනයනය කරන්නේ ඉරානය වන අතර ඔවුන් දිනකට තෙල් බැරල් මිලියන 4.2 ක්‌ වෙළෙඳපළට නිකුත් කරයි.

වයස 27 දී ලිබියාවේ පාලකයා වූ ගඩාෆිට අද දරුණු මහජන කැරැල්ලකට මුහුණදීමට සිදුව ඇත. 1981 සිට ඊජිප්තුවේ පාලකයාව සිටි හොස්‌නි මුබාරක්‌ ජනපති ධුරයෙන් අස්‌වූ දිනට පසුදා සිට ලිබියානු ජනතාව විශේෂයෙන් බෙන්නාසිහි වැසියෝ සිය පාලකයාට එරෙහිව උද්ඝෝෂණ ආරම්භ කළහ. බටහිර ලෝකය උඩින් ගඩාෆි සමග යම් සුහදතාවක්‌ ප්‍රකාශ කර තිබුණ ද යටි හිතින් ගඩාෆිට කැමැත්තක්‌ දැක්‌වූයේ නැත. එම නිසාම ලිබියානු නායකයාට කැරැල්ලක්‌ පැන නැඟුණු වහාම ඒ කැරැලිකරුවන්ට සහාය පළ කරන්නට ඇමරිකාව ප්‍රමුඛ බටහිර ලෝකය ඉදිරිපත් විය. මුලින්ම එක්‌සත් ජාතීන්ගේ සංවිධානය ලිබියානු ගුවන් කලාපය තහනම් ගුවන් කලාපයක්‌ ලෙස ප්‍රකාශයට පත් කළේ ගඩාෆිගේ ගුවන් හමුදාවන් විසින් කැරැලිකරුවන්ට එල්ල කරන ගුවන් ප්‍රහාර නවත්වන්නටය. එහෙත් දිගින් දිගටම ගුවන් ප්‍රහාර එල්ල වන්නට වූ නිසා ගඩාෆි පාලනයට එරෙහිව "Operation Odyssey Dawn" ආරම්භ විය.

Total Pageviews

Advertise