Tuesday, July 12, 2011

ගෝඨාභය සංගාගේ දේශනය අගය කරයි

හිටපු ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ නායක කුමාර සංගක්‌කාර එංගලන්තයේදී සිදු කළ දේශනය තමන් අගය කරන බව ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කර ඇත. විශේෂයෙන්ම මෙම දේශනයේදී කුමාර සංගක්‌කර ත්‍රස්‌තවාදයට එරෙහිව ශ්‍රී ලංකා ආරක්‌ෂක හමුදා සිදු කළ මෙහෙයුම් අගය කිරීම ආරක්‌ෂක ලේකම්වරයාගේ නොමඳ පැසසුමට හේතු වී තිබේ.

මීට පෙර කිසිම ක්‍රීඩකයකු ජාත්‍යන්තර තලයේ දේශනයකදී මෙලෙස ශ්‍රී ලංකා ආරක්‌ෂක හමුදාවන්ගේ මෙහෙයුම් අගය කරමින් කතාකර නැතැයිද ආරක්‌ෂක ලේකම්වරයා සඳහන් කර ඇත.2011 කොලින් කවුඩ්රි දේශනය පවත්වමින් කුමාර සංගක්‌කාර පැවැත්වූ කතාව මෙරට මෙන්ම ජාත්‍යන්තර මාධ්‍යවල ද අවධානය යොමුවී තිබිණි.

Friday, July 8, 2011

සංගාට එරෙහිව ක්‍රියාත්මක වුවහොත් සෙසු ක්‍රීඩකයන්ද දැඩි පියවරකට

 ysgmq l%slÜ kdhl l=ud¾ ix.laldr uy;d i¾ lõâß wkqiaurK
 foaYKh lrñka foaYmd,kSlrKh ù we;s Y%S ,xldfõ l%slÜ mßmd,kh ±ä fia úfÉkh lsÍug
 tfrysj rdcmCI frÔuh úiska ix.laldr uy;dg tfrysj l%shd ud¾. .;fyd;a Y%S ,xld
 l%slÜ iu. w;aika lr we;s .súiqï j,ska bj;aùug l%Svlhka /ila iQodkñka isák nj jd¾;d fõ'


ix.laldr uy;df.a ;shqKq foaYkh rdcmCI frÔuhg zwryxZ jqjo foia úfoi
a l%slÜ f,da,Skaf.a;a" úpdrlhkaf.a;a" úfoia l%slÜ n,OdÍkaf.a;a fkdu| meiiqug ,laj ;sfí'


cd;Hka;r l%slÜ ljqkais,h o f,dalfha l%slÜ md,l uKav, foaYmd,kfhka f;dr
 úh hq;= hehs kj kS;s Í;s mkjd ;sìh§ ix.laldr uy;d .ek jd¾;d b,a,ñka
rdcmCI frÔuh ix.laldrf.ka m<s .ekSug hEu foia úfoia iEu fofkl=f.au ms<sl=,g
n÷ka j ;sfí' ckdêm;sjrhd ix.laldr flfrys flaka;shlska miqjk nj o jd¾;d fõ'
cd;Hka;r l%slÜ ljqkais,h f,dal l=i,dk ;rÕ i|yd Y%S ,xldjg ÿka uqo,a ms,sn| ú.Kkhlg whsiSiS lKavdhula Y%S ,xldjg tùug ±kgu;a ;SrKh lr ;sfí'


fujka ;;a;a;jhl§ rdcmCI frÔuh ix.laldr tfrysj ls%hd;aul jqjfyd;a l%Svlhka o ±ä ;SrK .ekSug idlÉPd lr ;sfí' ckdêm;sjrhdf.a fydr fodia;r jrhd ksid wudrefõ jegqKq Wmq,a ;rx. isoaêfha§ o ckdêm;sjrhd ksy~ ms,sfj;lg hñka jákd l%slÜ l%Svlhka wdrCId fkdfldg ;u fydr fodia;r jrhd wdrCId lsÍu .ek o l%Svlfhda l<lsÍ isá;s'


,xld B ksõia

මූලික සුදුසුකම් සපුරා නැතත් 20කට සරසවි වරම්

විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට අවශ්‍ය මූලික සුදුසුකම් සපුරා නැති පාරම්පරික දැනුම සහිත සිසුන් විසිදෙනකුට මෙවර විශ්වවිද්‍යාල වරම් ලබා දීමට උසස් අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන ඇත. මේ සිසුන් ආයුර්වේද, ක්‍රීඩා, චිත්‍ර, නැටුම් හා සංගීත යන විෂයයන් සඳහා බඳවා ගැනෙන අතර මේ අය බඳවා ගැනීම සඳහා වූ විශේෂ ගැසට් නිවේදනය ඉදිරි දින කිහිපය තුළ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක මහතා පැවැසීය.
එක් විෂයකට සිසුන් පස් දෙනා බැගින් මොවුන් ඇතුළත් කර ගැනෙන අතර මෙරට විශ්වවිද්‍යාල ඉතිහාසයේ ප්‍රථම වරට මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බැවින් මෙය ඉතාමත් වගකීමෙන් හා විනිවිද භාවයෙන් සිදුකළ යුතුව ඇතැයි ද ඇමැතිවරයා කීවේය. මෙතෙක් ඉතිහාසයේ කිසිම දිනෙක දේශපාලන බලපෑම් මත සිසුන් ඇතුළත් කර ගත් බවට චෝදනාවක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවට එල්ල වී නොමැති බැවින් එම තත්ත්වය රැක ගනිමින් මේ බඳවා ගැනීම සිදු කරන බවත් දිසානායක මහතා අවධාරණය කළේය.

Monday, June 27, 2011

ඓශ්චර්යාට නිවුන් දරුවන් ?

ඉන්දියාවේ සුප්‍රසිද්ධ ජ්‍යෙතිශවේදියෙකු විසින් කාගේත් අවධානය දිනාගත් බොලිවුඩ් නිළි ඓශ්චර්යා රායි 2011 වසරේදී ගැබ්ගනු ඇතැයි අනාවැනි පළකර තිබූ බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි. මේ අනුව, ඉන්දීය මාධ්‍ය විසින් වාර්තා කරන්නේ පවිත් ශන්ගි නම් මෙම ජ්‍යෙතිශවේදියා කී අනාවැකිය මේ වනවිට සත්‍ය වී තිබෙන බවත් ඓශ්චර්යාට නිවුන් දරුවන් හෝ ගැහැණු දරුවෙකු ලැබෙනු ඇතැයි එහිදී ඔහු විසින් වැඩිදුරටත් පවසා තිබෙන බවයි.

මෙරට IT රැකියා, සියයට සියයකින් ඉහළට

ජාතික තොරතුරු තාක්ෂණ ශ්‍රම බලකා සමීක්ෂණයෙන් හෙළිවන තොරතුරු මෙන්න
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ නියාමන හා ඇගයීම් අංශය විසින් සිදුකර තිබෙන ජාතික තොරතුරු තාක්ෂණ ශ්‍රම බලකාය පිළිබඳ නවතම සමීක්ෂණයේ තොරතුරු අනාවරණය කර තිබේ. මේ අනුව,පසුගිය සිව් වසර තුළ මෙරට තොරතුරු තාක්ෂණ අංශයේ රැකියා ප්‍රමාණය සියයට සියයක වර්ධනයක් සිදුවී තිබෙන අතර 2006 දී එම අංශයේ රැකියා කළ ප්‍රමාණය වූ 30120 ක්වූ ශ්‍රමික සංඛ්‍යාව මේ වනවිට 62,000 ඉක්මවා වර්ධනය වී තිබෙන බව මෙම සමීක්ෂණයේදී හෙළිකර ඇත.
2010 වසරදී මෙරට තොරතුරු තාක්ෂණ අංශයේ රැකියා කළ ප්‍රමාණය 50,000 ඉක්මවා තිබුණි.
රාජ්‍ය ආයතන 80 ක්, පෞද්ගලික ආයතන 325 ක්, තොරතුරු තාක්ෂණ ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණයේ යෙදී සිටින ආයතන 30 ක්, තොරතුරු තාක්ෂණය පුහුණු කරන ආයතන 75 ක්, මෙම සමීක්ෂණය සඳහා සහභාගී කරගෙන තිබේ.
මෙම සමීක්ෂණයට අනුව ව්‍යාපාර බාහිරකරණ අංශයේ රැකියා සඳහා කාන්තා නියෝජනය ඉහළ යමින් තිබෙන බව අනාවරණය වී තිබෙන අතර එය සියයට 43 ක පමණ වර්ධනයකි.
2010 වසරේදී මෙරට තොරතුරු තාක්ෂණ උපාධිධාරීන් ගණන 4473 ක් බවත් එයින් 3970 දෙනෙකු රැකියාවල යෙදී සිටින බවත් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිළධාරී, රොෂාන් දේවපුර මෙම සමීක්ෂණය පිළිබඳව අදහස් දක්වමින් කීය.
හෙතෙම වැඩිදුරටත් පැවසුවේ මේ වනවිට තොරතුරු තාක්ෂණ කර්මාන්ත මගින් ලංකාව වසරකදී ඩොලර් මිලියන 375 ක පමණ අපනයන ආදායමක් ලබන බවත් එය අපනයන අංශයේදී විදේශ විනිමය ඉපයීමේ පස්වන ස්ථානයේ තිබෙන බවයි.

කකුල් දෙකෙන් කුඩු ගැසූ දෙඅත් අහිමි අයෙකුට රු. 5000ක දඩයක්

දෙපා යුගළයෙන් හොරොයින් දුම් පානය කිරීමේ චෝදනාව මත කොල්ලුපිටිය පොලිසිය අධිකරණය වෙත ඉදිරිපත් කළ දෙඅත් අහිමි පුද්ගලයෙකුට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය රුපියල් 5000 ක දඩයක් නියම කළාය. දඩ මුදල ගෙවීමට නොහැකි බව සඳහන් කළ සැකකරු අධිකරණය හමුවේ තමාට ප්‍රජා සේවයක් ලබාදෙන ලෙසට ඉල්ලීමක් කළේය.
තවද ඔහුට දෙ අත් අහිමි වූවාට දෙපා යුගලයෙන් ඕනෑම දෙයක් කිරීමට හැකි බව සඳහන් කළ පොලිසිය හෙරොයින් පානය සඳහා ගිනි පෙට්ට්යේ කුරු ගැසීම හා කුඩු පැකට්ටුව නාසයට තබා උරා බීමට හැකි බව සඳහන් කළේය. සිසිර කුමාර නැමැති සැකකරු කොල්ලුපිටිය ප්‍රදේශයේ සිඟා කෑමේ නිරත ව සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ කරුණු සළකා බැලු මහේස්ත්‍රාත්වරිය සැකකරුට ප්‍රජා සේවය නියම කළාය.

පන්කොළගොල්ලේ අමුතු සත්තු

 මීට ඉහතදී දැක නොමැති කුඩා සත්ත්ව කොට්ඨාසයක් ගලේවෙල, පන්කොළගොල්ල ගම්මානයේදී දැක ගත හැකි විය. කේ. ජී. සෝමසිරි මහතාගේ ගෙවත්තේ පිහිටි හිඹුටු ගසක මේ සත්තු රැඳී සිටිති. මෙම සතුන්ගේ මුලු සිරුරම සුදු පැහැතිය. කුඩා සතුන් අඟල් භාගයක් පමණ දිගය. ලොකු සතෙක් අඟලක් පමණ දිගය. ශරීරය ඉතා කුඩාය. කඳට සම්බන්ධ වූ අඬු රාශියක් දැකිය හැක. ගසේ කොළ මත මෙම සත්තු රැඳී සිටිති. ඈතට දිස්වන්නේ ගසක සුදු පැහැති මල් පිපී ඇති ආකාරයකි. හදිසියේ කොළයක් සෙලවූ විට මෙම සත්තු ඉවතට පනිති. උන්ගේ එක පිම්මක් අඩියක් තරම් දුරය. මෙබඳු සත්ත්ව කොට්ඨාසයක් මීට ඉහත දී දැක නොමැති බව වැඩිහිටි ගම්වැසියෝ පවසති.

lankainfo



මීගමුව නගර මධ්‍යයේ ගණිකා නිවස වටලයි

මීගමුව නගර මධ්‍යයේ පවත්වාගෙන ගිය සුපිරි ගණිකා නිවාසයක්‌ පෙරේදා (25 වැනිදා) වැටලූ පෑලියගොඩ අපරාධ කොට්‌ඨාසයේ නිලධාරීන් එය පවත්වාගෙන ගිය කළමනාකරු සහ ගණිකා වෘත්තියේ නියෑළුණු කතුන් සිව් දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

එම අපරාධ කොට්‌ඨාසයේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක උපුල් සමරසිංහ මහතා මීගමුව මහෙස්‌ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක්‌ මත මෙම වැටලීම සිදු කර තිබේ.

අත්අඩංගුවට ගත් කතුන් අවුරුදු විස්‌සත් විසිහයත් අතර වයසේ පසුවන්නියන් බවත්, ඔවුන් හලාවත, මීගමුව හා නාවලපිටිය යන ප්‍රදේශවල පදිංචිකාරියන් බවත් පොලිසිය පවසයි.

මෙම ගණිකා නිවාසයට ධනවත් ව්‍යාපාරිකයන්, දේශපාලනඥයන් පැමිණ ඇති බවත් මෙම ස්‌ථානය වැටලීමෙන් පසු කළ පරීක්‍ෂාවේදී එහි තිබී විවිධ පුද්ගලයන්ගේ ජාතික හැඳුනුම්පත් 15 ක්‌ පමණ හමුවූ බවත් පොලිසිය කියයි.

Total Pageviews

Advertise