එම අපරාධ කොට්‌ඨාසයේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක උපුල් සමරසිංහ මහතා මීගමුව මහෙස්‌ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත මෙම වැටලීම සිදු කර තිබේ.
අත්අඩංගුවට ගත් කතුන් අවුරුදු විස්‌සත් විසිහයත් අතර වයසේ පසුවන්නියන් බවත්, ඔවුන් හලාවත, මීගමුව හා නාවලපිටිය යන ප්‍රදේශවල පදිංචිකාරියන් බවත් පොලිසිය පවසයි.
මෙම ගණිකා නිවාසයට ධනවත් ව්‍යාපාරිකයන්, දේශපාලනඥයන් පැමිණ ඇති බවත් මෙම ස්‌ථානය වැටලීමෙන් පසු කළ පරීක්‍ෂාවේදී එහි තිබී විවිධ පුද්ගලයන්ගේ ජාතික හැඳුනුම්පත් 15 ක් පමණ හමුවූ බවත් පොලිසිය කියයි.
ගම්පහ දිස්‌ත්‍රික් නියෝජ්‍ය පොලිස්‌පති ප්‍රසන්න නානායක්‌කාර, පෑලියගොඩ අපරාධ කොට්‌ඨාසයේ සහකාර පොලිස් අධිකාරි කපිල කටුපිටිය යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ අපරාධ කොට්‌ඨාසයේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක උපුල් සමරසිංහ මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්‍ෂක සුනිල් ප්‍රියන්ත, උ.පො. පරීක්‍ෂකවරුන් වන ජයරත්න, බණ්‌ඩාර ඇතුළු නිලධාරීහු කණ්‌ඩයමක් වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, ප්‍රියන්ත මද්දුමආරච්චි සහ ඇන්ටන් ප්‍රනාන්දු
No comments:
Post a Comment