Showing posts with label politics. Show all posts
Showing posts with label politics. Show all posts

Tuesday, July 12, 2011

ගෝඨාභය සංගාගේ දේශනය අගය කරයි

හිටපු ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ නායක කුමාර සංගක්‌කාර එංගලන්තයේදී සිදු කළ දේශනය තමන් අගය කරන බව ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කර ඇත. විශේෂයෙන්ම මෙම දේශනයේදී කුමාර සංගක්‌කර ත්‍රස්‌තවාදයට එරෙහිව ශ්‍රී ලංකා ආරක්‌ෂක හමුදා සිදු කළ මෙහෙයුම් අගය කිරීම ආරක්‌ෂක ලේකම්වරයාගේ නොමඳ පැසසුමට හේතු වී තිබේ.

මීට පෙර කිසිම ක්‍රීඩකයකු ජාත්‍යන්තර තලයේ දේශනයකදී මෙලෙස ශ්‍රී ලංකා ආරක්‌ෂක හමුදාවන්ගේ මෙහෙයුම් අගය කරමින් කතාකර නැතැයිද ආරක්‌ෂක ලේකම්වරයා සඳහන් කර ඇත.2011 කොලින් කවුඩ්රි දේශනය පවත්වමින් කුමාර සංගක්‌කාර පැවැත්වූ කතාව මෙරට මෙන්ම ජාත්‍යන්තර මාධ්‍යවල ද අවධානය යොමුවී තිබිණි.

Saturday, November 27, 2010

අයවැයේ සංඛ්‍යා ලේඛන අසත්‍යයි

අයවැය දෙවන වර කියවීමේ විවාදයේ පස්වන දිනය අද (27)ය. විවාදය ආරම්භ කරමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා මෙවර අයවැය විවේචනය කරමින් සිය අදහස් පළ කළේය.
එහිදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් මංගල සමරවීර මන්ත්‍රීවරයාට දැඩි විරෝධයක් එල්ල වූ බව පාර්ලිමේන්තු මාධ්‍යය වාර්තාකරු සඳහන් කළේය
මංගල සමරවීර මහතා විසින් සිය කතාවේදී ජනාධිපතිවරයා හා ආණ්ඩුව විවේචනයට ලක්කිරීම මෙම විරෝධයට හේතු වූ බව ද ඔහු කියා සිටියේය.
මෙවර අයවැයේ අඩංගු වන සංඛ්‍යා ලේඛන පිළිබඳව ද සමරවීර මන්ත්‍රීවරයාගේ දැඩි විවේචනයට ලක්විය. ඒවා අසත්‍ය තොරතුරු බව ද ඔහු සඳහන් කර ඇත.
එමෙන්ම උතුරේ අවතැන්වූවන්ට සහ උතුරේ ජනතාවට මෙම අයවැයෙන් කිසිදු සහනයක් ලැබී නොමැති බව ද මංගල සමරවීර මන්ත්‍රීවරයා සිය කතාවේදී පෙන්වා දී තිබේ.
යුද්ධයක් නොමැති වුව ද ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය වැඩිවී තිබීම පිළිබඳව ද ඔහු සිය කතාවේදී අදහස් දක්වා ඇත.
ඉන්පසු ආණ්ඩු පක්ෂය වෙනුවෙන් අදහස් දැක්වූ චන්දිම වීරක්කොඩි නියෝජ්‍ය කතානායකවරයා මංගල සමරවීර මහතාගේ කතාව දැඩි විවේචනයට ලක් කර තිබේ.
රටේ සංවර්ධනය සිදුවන ආකාරය ජනතාව දන්නා බව ද ඔහු පෙන්වා දී ඇති බව මාධ්‍යය වාර්තාකරු සඳහන් කළේය.

-අද දෙරණ-

Monday, November 22, 2010

අලුත් කැබිනෙට්ටුව

වටින් පිටින් සෑහෙන්න කථා ඇහෙන තවත් දවසක් ඔන්න උදා උනා. කවුරුත් දන්නවනෙ ඔන්න අපේ ජනාධිපතිතුමාගෙ දෙවෙනි පදවි ප්‍රාප්තියත් එක්කම අලුත් කැබිනෙට්ටුවක් දානවයි කිව්වනෙ. ඔන්න ඉතින් දැන් ටිකකට කලින් කොහොම හරි අමාරුවෙන් කැබිනෙට්ටුව ඇතුලට අලුත් කස්ටියකුත් රින්ගවල. ඇයි ඉතින් ජනාධිපතිතුමගෙ දෑත් සවිමත් කරන්න ස්වේච්චාවෙන්ම (සල්ලි එහෙම ගත්තෙම නෑ) ආපු අයටත් සලකන්න එපැයි.
ස්නූපර්ටත් ඉතින් නිකන් ඉන්න බෑ නෙව, ඔවා මෙවා ගැන ජන්ජාලයේ වටින් පිටින් බල බල යනකොට හොද කොමෙන්ටු ටිකක් හම්බුනා. ඔන්න එහෙනම් අවසරයි මහජනතාවගේ අදහස් වලට.


නිර්ණාමික පුද්ගලයෙක්
"ජන සුව සදන ආණ්ඩුවේ කෙරුම්... සාමාන්‍ය මිනිහට මොනවායින් කියලා අඩුවක් ද ඉතින් දැන්... කොච්චර කාලයක් බලාපොරොත්තු වුන අන්තිම වෙනසත් ලැබුණා නොවැ දැන්.....
ආණ්ඩුවේ මහ පුටුවේ ඉන්න රාජෝත්තමයාණන් වහන්සේගේ උපන්දිනය උත්සවය,දෙවන පදවි ප්‍රාප්තිය හා ඊට සමගාමි අනෙකුත් වැඩ සටහන් සඳහා පමණක් රුපියල් කෝටි 100 මුදලක් වියදම් කරන්න තරම් මේ ආණ්ඩුව කොච්චර නිහතමානීද. එදා වේල කන්න නැති හරියාකාරව ජිවත් වෙන්න බැරි ආර්ථිකයක් තියෙන රටක මේ පාලකයෝ තරම් මහජනතාවගේ හිතසුව පිණිස කටයුතු කරන වෙනත් රටක් නැති තරම්.
වැටුප් වැඩීවීම් ගැන සුත්‍රයන් පෙන්නලා වැයවෙන මුදල් වල ප්‍රමාණය ගැන පම්පොරි ගහන මුන් කොහෙවත් නැති කසිකබල් වැඩවලට වියදම් කරන මුදල් ගැන අඩුතරමේ මූන්ට බලේට එන්න ඡන්දය දුන්න ගොබ්බයන්ටවත් වැටහීමක් නැති තරම. 
කාලයක් යුද්ධය විකුණගෙන කෑවා.කවුරුහරි කියන්න පුළුවන් කොහොම හරි තිස්අවුරුදු යුද්ධයක් නැති කරලා රටම නිදහස් කරගත්ත එකම ඇති කියලා.නමුත් පාලක පක්ෂයේ ඉහල සිට ආරක්ෂක අංශ වල ඉහල අයත් සමඟ මේ රටේ දුප්පත් මිනිහත් ඒ වෙනුවෙන් ලොකු කැපවීමක් කළා.තුවක්කුවක් අරන් සාමාන්‍ය මිනිහා යුධ පෙරමුණට නොගියට ආර්ථික යුද්ධය වෙනුවෙන් හැමදාම දුකම උරුමකරගත් ජීවිතයට තවත් දුක එකතු කරගෙන රණවිරුවන් දිවි පරිත්‍යාගයෙන් කළ යුද්ධය වෙනුවෙන් උපරිම සහයෝගය ලබාදුන්නා. 

Total Pageviews

Advertise