Showing posts with label මල්වර වූ දෝනී. Show all posts
Showing posts with label මල්වර වූ දෝනී. Show all posts

Sunday, February 27, 2011

"බ්‍රා" එක තෝරන හැටි..

කාන්තාවන් බොහෝ දෙනෙක්‌ සැරසෙන්නේ තමන්ගේ ශරීර ප්‍රමාණයට නොගැලපෙන බ්‍රෙසියර් වලින් බව කීවොත් ඔබ එය පිළිගන්නවාද? නොපිළිගත්තද සත්‍යය එයයි. වෙළෙඳ පොළේ ඇති කුමන හෝ වර්ගයක උඩුකය ආවරණයක්‌ තෝරා ගනු මිසක එය තමන්ගේ ශරීර ප්‍රමාණයට ගැලපෙන්නේ දැයි සොයා බලන පිරිස අඩුයි. එක්‌ වර්ගයක ප්‍රමාණය (size) තවත් වර්ගයකදි වෙනස්‌ වෙනවා. ඒ නිසා ම අද බොහෝ ඇඳුම් ප්‍රදර්ශනාගාරවල උඩුකය ආවරණ ඇඟලා බැලීමේ අවස්‌ථාවද සලසා දී තිබෙනවා.

එහෙමනම් කොහොමද නිවැරදි ප්‍රමාණය තෝරාගන්නේ?

මුලින් ම ඔබ දැනට අඳින වඩාත් නිවැරදි යෑයි සිතෙන බ්‍රෙසියරය අඳින්න. ඉන් පසු මිනුම් පටියක්‌ ගෙන බ්‍රෙසියරයේ පහත වටේට මිනුම ලබාගන්න. එය පටියේ මිනුම ලෙස සැලකෙනවා. (Band size) ඉන්පසු පියයුරු වටා පිරුණුම ස්‌ථානයෙන් මිනුම ලබාගන්න. එය බ්‍රෙසියරයේ කප් කොටසේ මිනුමයි. මෙම මිනුම් ලබාගැනීමට යෙහෙළියකගේ උදව් ලබාගත හැකි නම් වඩාත් හොඳයි. ඔබට ලැබුණු මිනුම්වල අගය ආසන්න අගයකට ගැනීම වඩාත් හොඳයි. එනම්, අඟල් 34.5 වැනි අගයකදි එය 34 ලෙස ගැනීම කළ යුතුයි.

බොහෝ විට බ්‍රෙසියරයක්‌ මිනුම් අනුව තෝරා ගැනීම අපහසුයි. එයට හේතුව බොහෝ නිෂ්පාදනවල මෙම වර්ග දෙකම සඳහන් නොවීමයි.

එහෙම නම් කරන්න ඕන මොකක්‌ද?

Sunday, February 13, 2011

මල්වර වූ දෝනී

දියණිය උපන්දා පටන් ඇගේ සිරුරේ සිදුවන සියලු වෙනස්‌වීම් යම් අවසාන අරමුණක්‌ පෙරදැරිව සිදුවන බව කිව හැක. එනම් බිsළිදකු ලෙස ජීවිතය පටන් ගන්නා ඇය ක්‍රමයෙන් වැඩිවියට පැමිණෙන විට මනා රූ සපුවකින් යුත් කාන්තාවක්‌ බවට පත්වෙනවා. මෙම සිදුවීම් වල එක්‌ කඩඉමක්‌ වන්නේ මල්වර වීමයි. මෙම වයස අවැරුදු 9 ත් 16 ත් අතර කාලයේදි සිදු වේ. මේ සමඟ ඇයගේ ඩිම්බ කෝෂ ක්‍රියාත්මක වී ඩිම්බ පිටවීම ඇරඹෙන බැවින් මෙතැන් පටන් ඇයට ගැබ් ගැනීමේ හැකියාව ඇත. නමුත් මෙම දැරියගේ ශරීරයේ වර්ධනය උපරිම වශයෙන් සිදුවන අවධියද මෙය වේ. එබැවින් කාන්තාවකට ගැබ් ගැනීම සඳහා වඩාත් සුදුසු වයස වන්නේ අවුරුදු 20 න් පසුවය. මේ වන විට ඇගේ සිරුර ගර්භයක්‌ පවත්වාගෙන යැමට සහ දරු ප්‍රසූතිය සඳහා සූදානම්ය. නමුත් මීට පෙර සිදුවන බාල වයස්‌ ගැබ් ගැනීම් මවට මෙන්ම දරුවාටද ඉතා අහිතකරය. බාල වයස්‌ ගැබ් ගැනීමකදී ශරීරයේ මේරීම අඩු බැවින් සහ ගබඩා වී ඇති විටමින් සහ පෝෂණය අඩු බැවින් නිතරම ගර්භනීභාවයේ ගැටලූ ඇති වේ.

තවද බාල වයසෙ යෞවනියන් තුළද වේගවත් වැඩීමක්‌ සිදුවන අවධිය බැවින් ඇයගේ වැඩීමද බාල වේ. තවද යෞවනියගේ පවත්නා සෞඛ්‍යමය ගැටලු මෙම අවධියේදී හඳුනාගෙන නොතිබිය හැක.එසේ නැතහොත් ඒaවා සඳහා නිසි ප්‍රතිකාර ලැබී නැති විය හැක. එනම් හෘද රෝග, වකුගඩු ආශ්‍රිත රෝග වැනි ගැටලූ සහගත තත්ත්වයන් ගැබ් ගැනීම මගින් ව්‍යාකූල තත්ත්වයකට පත්විය හැක. තවද මෙම යෞවනිය මානසිකව මාතෘත්වයට හෝ ගර්භණීයභාවය සඳහා සූදානම් නැත. තවම පාසල් යන අවධියක පසුවන දැරියකට මේ සඳහා අවශ්‍ය මානසික මේරීම ඇත්තේ ද නැත. ඇය ගර්භණි සමයේ නිසි අයුරින් වෛද්‍ය උපදෙස්‌ නොපිළිපැදීම නිසා අවසානයේ දරු ප්‍රසූතියේදී ගැටලූ ඇති වේ. ඒ සඳහා අවශ්‍ය මානසික සූදානම ඇයට නැත. මෙවැනි ගර්භ අඩු මාස ගණනකදී ප්‍රසූතිය සිදුවීමෙන් දරුවාගේ ජීවිතයටද තර්ජන ඇති වේ. තවද මෙවැනි ගර්භ නැති කිරීමට උත්සාහ කිරීමෙන් සහ නීත්‍යානුකූල නොවන ගබ්සා සිදු කිරීමෙන් දැරියගේ ජීවිතයට පවා තර්ජනයක්‌ ඇති වේ. ලංකාවේ නීතියට අනුව විවාහය සඳහා නිසි වයස අවුරුදු 18 වුවත් ඊට අඩු වයස්‌ දැරියන් විවාහ කර දීම සමහර දෙමාපියෝ සිදු කරති. මේ සඳහා විවිධ හේතු ඇත. දිළිඳුකම මින් මූලික හේතුවකි. දැරිය යන්තම් 8,9 වසර දක්‌වා පමණ ඉගෙන ගත් පසු පාසල්යාම නවතී. එවැනි දැරියන් නිවසේ ගැවසෙන විට විවිධ ආකාරයේ අනවශ්‍ය සම්බන්ධතාවයන්ට පැටලේ. මෙම තත්ත්වයට මවුවරුන් රට රැකියාවලට යැමද ඉවහල් වී ඇත. වැඩිමහල් දියණිය මවගේ වගකීම භාරගෙන ගෙදර නවතී.



සතුට පිරීමට සරළ ඉඟි - "මනා සබඳතාවක්‌ අපි ගොඩනගා ගන්නේ කෙසේද?"

"මනා සබඳතාවක්‌ අපි ගොඩනගා ගන්නේ කෙසේද?" යන්න අපි අසා ඇති වඩාත් පොදු වූ ප්‍රශ්නවලින් එකක්‌ ලෙස හඳුන්වාදිය හැකිය. එයට ලැබෙන පිළිතුරු අපැහැදිලිය. විවිධය සහ අවුල් සහගතය.

මනා සබඳතාවයක්‌ සඳහා ඔබගේ ආචාර ධර්ම සිහියේ තබාගන්න.

"Please" (කරුණාකර)

"Thank You" (ඔබට ස්‌තුතියි)

"You're Welcome" (ආයුබෝවන් ඔබට) යන සරළ වචන එ සඳහා ඔබට වඩාත් ප්‍රයෝජනවත් වේවි. දිගු ගමනක්‌ යැම සඳහා ඔබ හැමවිටම ඔබේ සහකරුට සහයෝගය දක්‌වන්න. එවිට ඔහු හෝ ඇය ඔබ කෙතරම් ඔහුට හෝ ඇයට ගරු කරන්නේ ද සහ ආදරය කරන්නේ ද යන්න වටහා ගනීවි. එය එසේ වීමට ඉඩ හරින්න.

* ජීවිතයේ රසවත් භාවය සඳහා විවිධත්වය අවශ්‍ය වේ. අධ්‍යයනයකින් පෙන්වා දෙන්නේ මන්දබුද්ධික භාවය සබඳතාවයක අතෘප්තිමත්භාවට ප්‍රධාන සාධකයක්‌ වන බවයි. සැමවිටම අලුත් යමක්‌ කිරීමට උත්සාහ කරන්න. එය ඇතැම් විට සරළ දෙයක්‌ විය හැකිය. ඔබට නුපුරුදු ආපනශාලාවකට ආහාර වේලක්‌ ලබාගැනීම සඳහා ඔබේ ආදරවන්තයා සමඟ හෝ ආදරවන්තිය සමඟ යා හැකිය. එමෙන්ම ලංකාවේ ගමන් නොකළ ප්‍රදේශයක සංචාරය කළ හැකිය. මෙවැනි දේ කිරීම තුළින් ඔබට ඔහු හෝ ඇය සමඟ ළඟින් හිඳිමින් හැඟීම් බෙදාගත හැකියි.
වැඩකරන්න, එකට කාලය ගත කරන්න. දෙදෙනාම කැමති සහ ආදරය කරනා ක්‍රීඩාවක්‌, එසේත් නොමැතිනම් විනෝදාංශයක්‌ කරමින් ඔබ අතර ඇති සබඳතාවයට ප්‍රමුඛත්වය ලබාදෙන්න. කඳවුරු බැඳීම, බයිසිකල් පැදීම වෙනත් ඕනෑම ක්‍රීඩාවක්‌, ඔබ කැමති ඕනෑම දෙයක්‌ දෙදෙනා එක්‌ව කරමින් සතුටුවන්න.

* පුංචි පුංචි අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්න. යමක්‌ කිරීම පිණිස ඵලදායී වාද විවාදවල නිරතවන්න. ඒ සඳහා මෙවැනි නීති රීති මතකයේ තබාගන්න. කිසිවිටෙකත් ඔබේ සහකරුවාට නමින් කතා නොකරන්න. ඊට වඩා සුන්දර විදියට ආමන්ත්‍රණය කරන්න. ඔබ කරනා වාද විවාදවලට විරාමයක්‌ තැබීමටත් අමතක නොකරන්න. අනෙක්‌ තැනැත්තා හෝ තැනැත්තිය ඔහුගේ හෝ ඇයගේ පටන්ගත් වාක්‍ය අවසන් කරන තුරු බලා සිටින්න. ඔබ කෝප වී සිටිනා විට සංවාදයට මුල නොපුරන්න. 

Total Pageviews

Advertise