එහෙමනම් කොහොමද නිවැරදි ප්‍රමාණය තෝරාගන්නේ?
මුලින් ම ඔබ දැනට අඳින වඩාත් නිවැරදි යෑයි සිතෙන බ්‍රෙසියරය අඳින්න. ඉන් පසු මිනුම් පටියක් ගෙන බ්‍රෙසියරයේ පහත වටේට මිනුම ලබාගන්න. එය පටියේ මිනුම ලෙස සැලකෙනවා. (Band size) ඉන්පසු පියයුරු වටා පිරුණුම ස්‌ථානයෙන් මිනුම ලබාගන්න. එය බ්‍රෙසියරයේ කප් කොටසේ මිනුමයි. මෙම මිනුම් ලබාගැනීමට යෙහෙළියකගේ උදව් ලබාගත හැකි නම් වඩාත් හොඳයි. ඔබට ලැබුණු මිනුම්වල අගය ආසන්න අගයකට ගැනීම වඩාත් හොඳයි. එනම්, අඟල් 34.5 වැනි අගයකදි එය 34 ලෙස ගැනීම කළ යුතුයි.
බොහෝ විට බ්‍රෙසියරයක් මිනුම් අනුව තෝරා ගැනීම අපහසුයි. එයට හේතුව බොහෝ නිෂ්පාදනවල මෙම වර්ග දෙකම සඳහන් නොවීමයි.
එහෙම නම් කරන්න ඕන මොකක්‌ද?