මාස ශුද්ධ වීම හෙවත් ආර්ථවය සිදුවන විට රුධිරය වහනය වීම සාමාන්‍ය තත්ත්වයකි. මෙය අසාමාන්‍ය ලෙස සිදුවන අවස්‌ථා ඇත. සාමාන්‍ය නිරෝගී කාන්තාවකට මාස ශුද්ධ වීම දින 21 ත් 35 ත් අතර චක්‍රාකාරව සිදුවේ. මෙහිදී රුධිර වහනය දින 5-7 ත් අතර කාලයක් පැවතීම සාමාන්‍ය දෙයකි. මසකට රුධිරය 25 පක ත් 80 පක ත් අතර ප්‍රමාණයක් පිට වේ. මෙලෙස චක්‍රාකාරව සිදුවන රුධිර වහනය 80 පක ට වැඩිවීම හෝ දින 7 කට වඩා වැඩි කාලයක් රුධිරය පිටවීම අසාමාන්‍ය ලෙස සැලකේ. පිටවන රුධිර ප්‍රමාණය දළ වශයෙන් තමාට තීරණය කල හැකි වේ. මෙවැනි තත්ත්වයක් ඔබට ඇත්නම් වහාම වෛද්‍යවරයකු හමුවිය යුතුය. මෙලෙස රුධිරය අධික ලෙස පිටවීම ඕනෑම කාන්තාවකට පීඩාකාරී තත්ත්වයකි. විශේෂයෙන්ම රැකියාවක යෙදෙන කාන්තාවකට ඉමහත් අපහසුකාරි තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවිය හැක. ඊට අමතරව කලක් තිස්‌සේ ශරීරයෙන් රුධිරය පිටවීම නිසා නීරක්‌තිය හෙවත් ලේ හිඟකම ඇතිවිය හැකත මෙම තත්ත්වය ඇති වුවහොත් මහන්සිය, හතිය, ක්‌ලාන්තය, හිසරදය, ශරීරයේ දුර්වල ගතිය වැනි රෝග ලක්‌ෂණ දැකිය හැකිය.වටින් පිටින් ඇහෙන ඔක්කොම කථා ගැන වගේම වට පිටේ හැමෝටම ඇහෙන්න කියන්න ඕන දේවල් ගැන කාටවත් බයක් නැතුව කතා කරන්න.
Showing posts with label ගැබ් ගැනීම්. Show all posts
Showing posts with label ගැබ් ගැනීම්. Show all posts
Saturday, May 21, 2011
ඔසප්වීම සහ රුධිර වහනය
මාස ශුද්ධ වීම හෙවත් ආර්ථවය සිදුවන විට රුධිරය වහනය වීම සාමාන්‍ය තත්ත්වයකි. මෙය අසාමාන්‍ය ලෙස සිදුවන අවස්‌ථා ඇත. සාමාන්‍ය නිරෝගී කාන්තාවකට මාස ශුද්ධ වීම දින 21 ත් 35 ත් අතර චක්‍රාකාරව සිදුවේ. මෙහිදී රුධිර වහනය දින 5-7 ත් අතර කාලයක් පැවතීම සාමාන්‍ය දෙයකි. මසකට රුධිරය 25 පක ත් 80 පක ත් අතර ප්‍රමාණයක් පිට වේ. මෙලෙස චක්‍රාකාරව සිදුවන රුධිර වහනය 80 පක ට වැඩිවීම හෝ දින 7 කට වඩා වැඩි කාලයක් රුධිරය පිටවීම අසාමාන්‍ය ලෙස සැලකේ. පිටවන රුධිර ප්‍රමාණය දළ වශයෙන් තමාට තීරණය කල හැකි වේ. මෙවැනි තත්ත්වයක් ඔබට ඇත්නම් වහාම වෛද්‍යවරයකු හමුවිය යුතුය. මෙලෙස රුධිරය අධික ලෙස පිටවීම ඕනෑම කාන්තාවකට පීඩාකාරී තත්ත්වයකි. විශේෂයෙන්ම රැකියාවක යෙදෙන කාන්තාවකට ඉමහත් අපහසුකාරි තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවිය හැක. ඊට අමතරව කලක් තිස්‌සේ ශරීරයෙන් රුධිරය පිටවීම නිසා නීරක්‌තිය හෙවත් ලේ හිඟකම ඇතිවිය හැකත මෙම තත්ත්වය ඇති වුවහොත් මහන්සිය, හතිය, ක්‌ලාන්තය, හිසරදය, ශරීරයේ දුර්වල ගතිය වැනි රෝග ලක්‌ෂණ දැකිය හැකිය.
Labels:
sex,
අධ්‍යාපන,
උපත් පාලන පෙති,
ඔසප්වීම,
ගැබ් ගැනීම්,
ලිංගික
ආර්තවහරණය
Labels:
sex,
අධ්‍යාපන,
උපත් පාලන පෙති,
කායික සම්බන්ධතා,
ගැබ් ගැනීම්,
ලිංගික,
විවාහ
Saturday, April 9, 2011
මඳසරුභාවය
ගැබ් ගැනීමක් සඳහා අවශ්‍ය මූලික සාධක නම්
ගුණාත්මකභාවයෙන් යුත් ශුක්‍රාණු
නිවැරදි ප්‍රමාණය පිළිවෙලට මේරූ ඩිම්බ පිටවීම
මෙම බීජ දෙවර්ගය මුණ ගැසීමට සුදුසු මාර්ගයක් අවශ්‍ය බව
Labels:
sex,
women,
අධ්‍යාපන,
උපත් පාලන පෙති,
ඔසප්වීම,
ගැබ් ගැනීම්,
ලිංගික
Saturday, March 19, 2011
යටි බඩෙහි වේදනාව
සෑම කාන්තාවක් ම ජීවිතේ කිසියම් හෝ දවසක යටිබඩෙහි වේදනාව අත්විඳ ඇත. යටිබඩ නාභියෙන් පහල ඉන දක්‌වා පෙදෙසට සීමාවේ. මෙම වේදනාව කඩින්කඩ ඇතිවිය හැක. යුවතියක් කාන්තාවක් වනවිට මෙවැනි වේදනාවක් ඇතිවීම සාමාන්‍ය දෙයකි. නමුත් මාස 6 වඩා වැඩි කාලයක් පවතිනවිට මේ ගැන සොයා බැලීම වැදගත්ය.
මෙම වේදනාව ඇතිවන ආකාරය වෙනස්‌විය හැක. එය කෙටිකාලීන හෝ දිගටම පවතින වේදනාවක් විය හැක. කඩින් කඩ ඇතිවිය හැකි අතර දවසේ එකම වේලාවක වුවද ඇතිවිය හැක. කෑමට පෙර හෝ පසු ඇතිවිය හැක. මුත්‍රා කිරිම මලපහ කිරීම සමග වේදනාව ඇතිවිය හැක. ඔසප් වීම සමඟ ඇතිවිය හැක.
වේදනාව යනු අප්‍රසන්න හැඟීමකි. කාලයක් පවතින විට මෙය මානසික ප්‍රශ්නයක් බවට පත්වේ. බොහෝවිට මෙම තත්ත්වයට රෝග කාරකයක් සොයා ගැනීමට අපහසු වේ. මෙම වේදනාවෙන් පෙළෙන කාන්තාවන්ගේ දෛනික ජීවිතය ඉතා කරදරකාරි වේ. බොහෝවිට රැකියාව කිරිම අපහසුවේ. ඵලදායිතාවයට අඩුවේ. පවුලේ මවක හෝ බිsරිඳක වශයෙන් කළයුතු රාජකාරි අපහසු වේ. මෙම වේදනාවේ හේතුව සොයා ගැනීමට නොහැකිවීම තවත් මානසික ප්‍රශ්නයකි.
මෙම කඩින්කඩ ඇතිවන යටිබඩෙහි වේදනාවට විවිධ හේතුන් තිබිය හැක. එන්ෙඩ්‍රාමෙටි්‍රයොසිස් රෝගය මෙයින්, වැදගත්ම එකකි. තවද යටි බඩෙහි ඇති අවයවයන් වන ඩිම්බකෝෂ ගර්භාෂයට ආශ්‍රිතව ඇතිවන ගෙඩි විෂබීජ ඇතුලුවීමෙන් ඇතිවන ආසාදන නිසාද මෙවැනි වේදනාවන් ඇතිවේ. ඉතා තදින් වේදනාව ඇතිවන විට එය හදිසි තත්ත්වයක් විය හැක. මෙවැනි වේදනාවක් බොහෝවිට ශරීර අභ්‍යන්තරයේ සිදුවන බරපතල තත්ත්වයක පෙර නිමිත්තක් විය හැක.
වකුගඩු සහ මුත්‍රාශය ආශ්‍රිත පද්ධතියේ ඇතිවන රෝගී තත්ත්වයකින් මෙම වේදනාව ඇතිවිය හැක. මෙය විෂබීජ ඇතුල්වීමෙන් ඇතිවන ආසාදිත තත්ත්වයක් විය හැක.
මෙවැනි තත්ත්වයකදී මුත්‍රා පිටකරන විට ඇතිවන වේදනාව, නිතරම මුත්‍රා පිට කිරිමට ඇති අවශ්‍යතාවය වැනි රෝග ලක්‌ෂණ දැකිය හැක. මේ සමඟම පිට කොන්දේ කැක්‌කුමද ඇතිවේ.
යෝනි මාර්ගයේ ඇතිවන විෂබීජ ආසාදනවලින් යටිබඩේ වේදනාවක් ඇතිවන්නේ නැත. යෝනි මාර්ගයෙන් දියර පිටවීම, ගන්ධයක් ඇතිවීම, සංසර්ගය වේදනාකාරිවීම මෙහිදී ඇතිවන රෝග ලක්‌ෂණයන් වේ.
මෙම වේදනාව ඇතිවන ආකාරය වෙනස්‌විය හැක. එය කෙටිකාලීන හෝ දිගටම පවතින වේදනාවක් විය හැක. කඩින් කඩ ඇතිවිය හැකි අතර දවසේ එකම වේලාවක වුවද ඇතිවිය හැක. කෑමට පෙර හෝ පසු ඇතිවිය හැක. මුත්‍රා කිරිම මලපහ කිරීම සමග වේදනාව ඇතිවිය හැක. ඔසප් වීම සමඟ ඇතිවිය හැක.
වේදනාව යනු අප්‍රසන්න හැඟීමකි. කාලයක් පවතින විට මෙය මානසික ප්‍රශ්නයක් බවට පත්වේ. බොහෝවිට මෙම තත්ත්වයට රෝග කාරකයක් සොයා ගැනීමට අපහසු වේ. මෙම වේදනාවෙන් පෙළෙන කාන්තාවන්ගේ දෛනික ජීවිතය ඉතා කරදරකාරි වේ. බොහෝවිට රැකියාව කිරිම අපහසුවේ. ඵලදායිතාවයට අඩුවේ. පවුලේ මවක හෝ බිsරිඳක වශයෙන් කළයුතු රාජකාරි අපහසු වේ. මෙම වේදනාවේ හේතුව සොයා ගැනීමට නොහැකිවීම තවත් මානසික ප්‍රශ්නයකි.
මෙම කඩින්කඩ ඇතිවන යටිබඩෙහි වේදනාවට විවිධ හේතුන් තිබිය හැක. එන්ෙඩ්‍රාමෙටි්‍රයොසිස් රෝගය මෙයින්, වැදගත්ම එකකි. තවද යටි බඩෙහි ඇති අවයවයන් වන ඩිම්බකෝෂ ගර්භාෂයට ආශ්‍රිතව ඇතිවන ගෙඩි විෂබීජ ඇතුලුවීමෙන් ඇතිවන ආසාදන නිසාද මෙවැනි වේදනාවන් ඇතිවේ. ඉතා තදින් වේදනාව ඇතිවන විට එය හදිසි තත්ත්වයක් විය හැක. මෙවැනි වේදනාවක් බොහෝවිට ශරීර අභ්‍යන්තරයේ සිදුවන බරපතල තත්ත්වයක පෙර නිමිත්තක් විය හැක.
වකුගඩු සහ මුත්‍රාශය ආශ්‍රිත පද්ධතියේ ඇතිවන රෝගී තත්ත්වයකින් මෙම වේදනාව ඇතිවිය හැක. මෙය විෂබීජ ඇතුල්වීමෙන් ඇතිවන ආසාදිත තත්ත්වයක් විය හැක.
මෙවැනි තත්ත්වයකදී මුත්‍රා පිටකරන විට ඇතිවන වේදනාව, නිතරම මුත්‍රා පිට කිරිමට ඇති අවශ්‍යතාවය වැනි රෝග ලක්‌ෂණ දැකිය හැක. මේ සමඟම පිට කොන්දේ කැක්‌කුමද ඇතිවේ.
යෝනි මාර්ගයේ ඇතිවන විෂබීජ ආසාදනවලින් යටිබඩේ වේදනාවක් ඇතිවන්නේ නැත. යෝනි මාර්ගයෙන් දියර පිටවීම, ගන්ධයක් ඇතිවීම, සංසර්ගය වේදනාකාරිවීම මෙහිදී ඇතිවන රෝග ලක්‌ෂණයන් වේ.
Labels:
අධ්‍යාපන,
ඔසප්වීම,
කායික සම්බන්ධතා,
ගැබ් ගැනීම්,
දරු උපතක්
Friday, March 4, 2011
ගබ්සා වීමට පදිංචි තැනත් බලපානවා..
ඇමරිකානු සරසවි මනෝවිද්‍යාඥයන් විසින් අඩුමාසයෙන් දරුවන් ඉපදීමට හා ගබ්සාවීමට ගැබිනියන් පදිංචි ස්‌ථාන බෙහෙවින් බලපාන බව සොයාගෙන ඇත. ඔවුන් නිකුත් කළ පර්යේෂණ වාර්තාවේ දැක්‌වෙන පරිදි මහාමාර්ග අයිනේ කල්ගෙවීම ගැබිනියනට හා ඔවුන්ගේ කුසේ පිළිසිඳ එළියට එන දරුවන්ටද අහිතකර වේ.
මහාමාර්ගවලට පෙනෙන තෙක්‌මානයේ වෙසෙන ගැබිනියන් අඩුවයස් දරුවන් ප්‍රසූතකිරීමේ අවදානමට මුහුණපානබව අලුත් ම සොයාගැනීමෙන් අනාවරණය වේ. මෙම ගැටලුව බලපාන්නේ මහාමාර්ගයේ සිට අඩි 650 ක දුර සිමාවේ පදිංචි ගැබිනි මවුවරුන්ට ය.
මෙම පර්යේෂණයට උපත් 14000 කට වඩා විමර්ශනයට ලක්‌කරනු ලැබිණි. මෙම වර්ගයේ ගැබිනියෝ නියමිත දිනගණන සම්පූර්ණවීමට පෙරාතුව, එනම් සති 37 කට වඩා අඩු කාලයකින් ගර්භාෂයේ වැඩෙමින් පසුවන දරුවන් ප්‍රසූතකිරීමට අවදානමට මුහුණපාති. සති 32 ක් ගතවීමට පෙර කල්මත්තෙන් සිදුවන උපත් සියයට 60 ක් ද, සති 28 කට කලින් සිදුවන උපත් සියයට 80 ක් ද වශයෙන් වාර්තාවිය. ගබ්සාවීමේ අවදානමක්‌ද තිබේ.
Labels:
women,
ඔසප්වීම,
කායික සම්බන්ධතා,
ගැබ් ගැනීම්,
දරු උපතක්,
ලිංගික,
විවාහ,
සතුට
Monday, February 28, 2011
කොට්ටයක් බඩේ බැඳගෙන දරු ප්‍රසූතියට රෝහල් ගත වෙලා
ගැබිනි මාතාවක් වෙසින් උදරයේ කොට්ටයක් සඟවා ගෙන කළුබෝවිල රෝහලට ඇතුළු වූ කාන්තාවක් හා ඇයගේ මව යැයි කියන වයොවෘද්ධ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව කොහුවල පොලිසිය කියයි.
පෙරේදා (26) දහවල් සායන කාඩ්පත් ද රැගෙන 21 වැනි වාට්ටුවට ඇතුළු වූ මේ කාන්තාව ඇඳ මත හොවා පරීක්ෂා කිරීමේදී උදරයේ සඟවා තිබූ කොට්ටය හමු වී ඇතැයි පොලිසිය කියයි. සැකකාර කාන්තාව අලුත උපන් දරුවකු සොරා ගැනීම සඳහා පැමිණියේ යැයි සැක කරන බව පොලිසිය කියයි.
මෙම කාන්තාව සතුව තිබූ පූර්ව ප්‍රසව ක්ෂේත්‍ර සටහන් පත්‍රකාවද ව්‍යාජ ලෙස පවුල් සෞඛ්‍ය නිලධාරිනියක් සටහන් තබන ආකාරයෙන් සටහන් තබා ඇති බව කළුබෝවිල රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂ දොස්තර අනිල් ජයසිංහ මහතා පැවැසීය.
කාර්ය මණ්ඩලයේ කාර්්‍යක්ෂම බව හා විමසිලිමත් බව හේතුවෙන් සිදු වීමට ගිය දරු සොරකමක් වැළකී ගිය බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.
විවාහ වී වසර දෙකකට ආසන්න වුවත් සැමියාගෙන් දරුවකු නොමැති හෙයින් ඥාතීන්ගෙන් හා ගම්මුන්ගෙන් එල්ලවන අවලාද හේතුවෙන් ගැබිනියක් ලෙස රඟ පෑ බව සැකකාර කාන්තාව පොලිසිය කළ ප්‍රශ්න කිරීමේ දී පවසා ඇත.
සැකකාරිය, බණ්ඩාරගම කිෙඳල්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22 කාන්තාවකි.
කොහුවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝෂාන් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්්‍යාංශයේ උප පොලිස් පරීක්ෂක ගයනි, උප පොලිස් පරීක්ෂක සුජීව මහත්ම මහත්මීහු පරීක්ෂණ පවත්වයි.
Labels:
women,
අධිකරණයට,
අභිරහස්,
ගැබ් ගැනීම්,
දරු උපතක්,
හොරු
Sunday, February 27, 2011
පවුලට සුදුසු පවුල් සැලසුම තෝරා ගන්න
Labels:
women,
ගැබ් ගැනීම්,
දරු උපතක්,
ලිංගික,
විවාහ
Sunday, February 13, 2011
සතුට පිරීමට සරළ ඉඟි - "මනා සබඳතාවක් අපි ගොඩනගා ගන්නේ කෙසේද?"
මනා සබඳතාවයක් සඳහා ඔබගේ ආචාර ධර්ම සිහියේ තබාගන්න.
"Please" (කරුණාකර)
"Thank You" (ඔබට ස්‌තුතියි)
"You're Welcome" (ආයුබෝවන් ඔබට) යන සරළ වචන එ සඳහා ඔබට වඩාත් ප්‍රයෝජනවත් වේවි. දිගු ගමනක් යැම සඳහා ඔබ හැමවිටම ඔබේ සහකරුට සහයෝගය දක්‌වන්න. එවිට ඔහු හෝ ඇය ඔබ කෙතරම් ඔහුට හෝ ඇයට ගරු කරන්නේ ද සහ ආදරය කරන්නේ ද යන්න වටහා ගනීවි. එය එසේ වීමට ඉඩ හරින්න.
* ජීවිතයේ රසවත් භාවය සඳහා විවිධත්වය අවශ්‍ය වේ. අධ්‍යයනයකින් පෙන්වා දෙන්නේ මන්දබුද්ධික භාවය සබඳතාවයක අතෘප්තිමත්භාවට ප්‍රධාන සාධකයක් වන බවයි. සැමවිටම අලුත් යමක් කිරීමට උත්සාහ කරන්න. එය ඇතැම් විට සරළ දෙයක් විය හැකිය. ඔබට නුපුරුදු ආපනශාලාවකට ආහාර වේලක් ලබාගැනීම සඳහා ඔබේ ආදරවන්තයා සමඟ හෝ ආදරවන්තිය සමඟ යා හැකිය. එමෙන්ම ලංකාවේ ගමන් නොකළ ප්‍රදේශයක සංචාරය කළ හැකිය. මෙවැනි දේ කිරීම තුළින් ඔබට ඔහු හෝ ඇය සමඟ ළඟින් හිඳිමින් හැඟීම් බෙදාගත හැකියි.
වැඩකරන්න, එකට කාලය ගත කරන්න. දෙදෙනාම කැමති සහ ආදරය කරනා ක්‍රීඩාවක්, එසේත් නොමැතිනම් විනෝදාංශයක් කරමින් ඔබ අතර ඇති සබඳතාවයට ප්‍රමුඛත්වය ලබාදෙන්න. කඳවුරු බැඳීම, බයිසිකල් පැදීම වෙනත් ඕනෑම ක්‍රීඩාවක්, ඔබ කැමති ඕනෑම දෙයක් දෙදෙනා එක්‌ව කරමින් සතුටුවන්න.
* පුංචි පුංචි අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්න. යමක් කිරීම පිණිස ඵලදායී වාද විවාදවල නිරතවන්න. ඒ සඳහා මෙවැනි නීති රීති මතකයේ තබාගන්න. කිසිවිටෙකත් ඔබේ සහකරුවාට නමින් කතා නොකරන්න. ඊට වඩා සුන්දර විදියට ආමන්ත්‍රණය කරන්න. ඔබ කරනා වාද විවාදවලට විරාමයක් තැබීමටත් අමතක නොකරන්න. අනෙක් තැනැත්තා හෝ තැනැත්තිය ඔහුගේ හෝ ඇයගේ පටන්ගත් වාක්‍ය අවසන් කරන තුරු බලා සිටින්න. ඔබ කෝප වී සිටිනා විට සංවාදයට මුල නොපුරන්න.
Labels:
අසැබි ෆොටෝ,
ගැබ් ගැනීම්,
මල්වර වූ දෝනී,
ලිංගික,
විවාහ,
සතුට
Wednesday, December 15, 2010
වසරකට බාලවයස්කාර දැරියන් 40, 000ක් පමණ ගැබ් ගන්නවා
වසරක දී මෙරට බාලවයස්කාර දැරියන් 40, 000ක් පමණ ගැබ් ගන්නා බවට අනාවරණය වී තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය සිදු කළ සමීක්ෂණයකට අනුව මේ බව අනාවරණය වී ඇති බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පවසයි.
මේ සම්බන්ධයෙන් දෙමව්පියන් දැනුවත් කිරීමට ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය කටයුතු කරමින් සිටින බව එම අධිකාරියේ සභාපති නීතීඥ අනෝමා දිසානායක මහත්මිය ප්‍රකාශ කළේය.
මෙරට ඇතුළු එක්සත් ජාතීන්ගේ ළමා ප්‍රඥප්තිය ක්‍රියාත්මක කරන බොහෝ රටවල වසර 18 ට අඩු විවාහ තහනම් බව ඒ පිළිබඳ අදහස් දැක් වූ නීතීඥ අනෝමා දිසානායක මහත්මිය සඳහන් කළාය.
එසේ බාලවයස්කාර විවාහයන් සිදුකිරීම තුළින් එම දරුවන් නොව විවාහය සිදුකිරීමට උපදෙස් ලබාදෙන්නන්, එම විවාහයන් සිදුකරගන්නා අය සහ මව්පියන් ශ්‍රී ලංකාවේ නීතිය ඉදිරියෙහි වරකරුවන් ලෙස අධිකරණය ඉදිරියට පැමිණවිය හැකි බව ද එම මහත්මිය අවධාරණය කළාය.
- ලංකා ටීවී -
Labels:
ගැබ් ගැනීම්,
බාලවයස්කාර
Subscribe to:
Posts (Atom)
