Showing posts with label ෆෙයාර්නස්‌. Show all posts
Showing posts with label ෆෙයාර්නස්‌. Show all posts

Wednesday, August 17, 2011

මානසික ආතතිය නිසා හිසකෙස්‌ ගැලවේ

කාන්තාවන්ට ගැටලුවක්‌ වී ඇති හිසකෙස්‌ ගැලවීයැම පිළිබඳව විමසන්නට අපි සිතුවා. දිනපතාම නෑමේදී හෝ හිසකෙස්‌ පීරීමේදී හිසකෙස්‌ වැඩි ප්‍රමාණයක්‌ ගැලවීයැම රෝගී තත්ත්වයක්‌ ද?

කොතරම් කෙස්‌ ගසට සත්කාර කළත් හිසකෙස්‌ සඳහා අවශ්‍ය පෝෂණ කොටස්‌ අඩංගු ආහාර, ආහාරවේල සඳහා එක්‌කර ගත්තත් හිසකෙස්‌ ගැලවීයැම ගැටලුවක්‌. හිසකෙස්‌ ගැලවීයැමට බොහෝ කරුණු බලපාන්නට පුළුවනි. ජානමය සාධක, මානසික ආතතිය, භාවිත කරන ශැම්පු වර්ග, වෙනත් රෝගවල අතුරු ආබාධ, ඖෂධ වැනි දේ පෙන්වා දිය හැකිය. 

සාමාන්‍යයෙන් හිසකෙස්‌ පීරීමේදී හෝ නෑමේදී දවසකට කෙස්‌ ගස්‌ සියයකට ආසන්න ප්‍රමාණයක්‌ ගැලවී යයි. මෙය ජීවත්වන පරිසරය, භාවිත කරන වතුර අනුව වෙනස්‌ වෙයි. මෙය රෝගී තත්ත්වයක්‌ ලෙස අනුමාන කළ නොහැකියි. නමුත් කෙනෙකුගේ මානසික පීඩනය නිසා කොණ්‌ඩය ගැලවී යනවා නම් එය රෝග තත්ත්වයකි. එවැනි කෙනෙකුගේ කොණ්‌ඩය හැමතැනින්ම එකලෙස ගැලවී යයි. මෙවැනි කෙනෙකු මුලින්ම කළ යුත්තේ මානසික පීඩනය ඇතිවීමට බලපාන සාධකයෙන් ඉවත්වීමයි. 

මානසික පීඩනය නිසා හිසකෙස්‌ ගැලවීයැම පිරිමින්ට වඩා කාන්තාවන්ට වැඩියි. 

වයිට්‌ හෙඩ්ස්‌ සහ බ්ලැක්‌ හෙඩ්ස්‌ ලෙස හඳුන්වන්නේ මොනවාද? මේවා රූපලාවණ්‍ය කටයුතුවලදී ඉවත් කිරීම සිදුකරයි. එසේ කිරීම සුදුසුද?

ටෙස්‌ටෙස්‌ටෙරෝන් නැමැති ලිංගික හෝමෝනයේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් අපගේ ශරීරයේ විශාලම ඉJද්‍රිය වන සමේ තෙල් සාදන ග්‍රන්ථිවලින් තෙල් ස්‍රාවයවීම ඉහළයයි. වැඩියෙන් නිපදවෙන තෙල් ස්‌නේහස්‍රාවී ග්‍රන්ථි තුළ තැන්පත්වීමට පටන් ගනී. එසේ වීමෙන් සිදුවන්නේ සම මතුපිටට විවරවන ස්‌නේහස්‍රාවී ග්‍රන්ථි විවරයන් අවහිරවීමයි. මෙසේ තැන්පත් වන ස්‌නේහය හෙවත් තෙල් ඝනවීමට පත්වේ. එම ඝන වූ කොටස්‌ මුල් අවස්‌ථාවේදී සුදු පාටටත්, පරිසර තත්ත්වයන්ට නිරාවරණය වී ටික දවසකින් කළු පාටටත් පත් වේ. ඒවා අපි බ්ලැක්‌ හෙඩ්ස්‌ සහ වයිට්‌ හෙඩ්ස්‌ යනුවෙන් හඳුන්වයි. මෙය කුරුළෑවල මූලික අවදියක්‌ ලෙස හඳුන්වාදිය හැකියි. අපි සාමාන්‍ය ව්‍යවහාරය තුළ කුරුළෑ කොස්‌ස ලෙස හඳුන්වා ඉවත් කිරීමට යන්නේ වයිට්‌ හෙඩ්ස්‌ හෝ බ්ලැක්‌ හෙඩ්ස්‌ යන තත්ත්වයයි. මේවා රූපලාවණ්‍ය ශිල්පීන් විසින් මුහුණට කරන ප්‍රතිකාරවලදී එක්‌ට්‍රැක්‌ටර් නැමැති උපකරණය යොදා ඉවත් කිරීමට පෙළඹේ. එසේ කිරීමෙන් ඇතැම් විට සංවේදී සම තුවාල වේ. නමුත් ඔබ මතක තබාගත යුත්තේ වයිsට්‌ හෙඩ්ස්‌ හෝ බ්ලැක්‌ හෙඩ්ස්‌ උපකරණ යොදා අපහසුවෙන් ඉවත් කිරීමක්‌ අවශ්‍ය නොවන බවයි. ඒවා කාලයත් සමඟ ඉබේම ඉවත් වේ. එවිට සමේ වෙනත් තුවාල ඇති නොවේ. 

පරිසරයේ ඇති කුණු දූවිලි විවිධ වායු වර්ග ඇත්තටම සමට අහිතකරද? ආසාදන ඇති කරනවාද? 

තාක්‍ෂණයේ සහ විද්‍යාවේ දියුණුවත් සමඟ පරිසර දූෂණය වැඩි වී තිබේ. පරිසර දූෂණය හේතුවෙන් කාලගුණ විපර්යාසයන් පවා සිදුවේ. කුණු දූවිලි වායුවලින් තොරව අපට අද ජීවත්වීමට නොහැකිය. මේ සියල්ල නිසා සමට බලපෑම් ඇති වේ. මේවා සියල්ල මුලින්ම තැන්පත් වන්නේ බාහිරට නිරාවරණය වන සම මතයි. මේවා සමට ගැළපෙන සේදුම්කාරකයක්‌ හෝ සබන් වර්ගයක්‌ යොදා සෝදා ඉවත් කළ යුතුමයි. අඩුම වශයෙන් දවසකට දෙපාරක්‌ හෝ සම පිරිසිදු කළ යුතු වේ. සම පිරිසිදු කිරීමෙන් පසු තෙත මාත්තු කර පෝෂ්‍යදායී මොයිස්‌චර් ක්‍රීම් වර්ගයක්‌ ආලේප කිරීම සුදුසුයි. හිරු එළියට නිරාවරණය වන විට SඡF අගය 24 ට වඩා වැඩි හිරු ආවරණ ආලේපන භාවිත කිරීම කළ යුතුය.
චර්ම රෝග විශේෂඥ වෛද්‍ය 
අසෝක කමලදාස
සාකච්ඡා කළේ - හරින්දී ලියනගේ

Tuesday, April 12, 2011

HOW TO BE ATTRACTIVE ඔබ ආකර්ෂණීය පුද්ගලයෙක්‌ද?


ආකර්ෂණීය භාවය යනු කාන්තාවන්ට පමණක්‌ සුවිශේෂ වූ කරුණක්‌ නොවේ. පෞරුෂය සම්පන්න ස්‌ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම අත්‍යවශ්‍ය වූ තවත් අංගයකි. ආකර්ෂණීයත්වය. මෙය බාහිර සුන්දරත්වයට පමණක්‌ සීමාවුවක්‌ නොවේ. ඔබගේ ආකර්ෂණීයත්වය අභ්‍යන්තර හා බාහිර යන දෙපාර්ශවයෙන් පිළිබිඹු වෙයි. ආකර්ෂණියත්වය ලබාගැනීම සඳහා සෑම දෙනා ම වාසනාවන්ත නොවුවත් පෞරුෂය සම්පන්න ඔබට ආකර්ෂණීයත්වය අතිශය වැදගත් වේ. මන්ද යත් මෙම ආකර්ෂණීයත්වය නිසා ඔබ වටා එක්‌රොක්‌වන පිරිස වර්ධනය කරගැනීමට ඔවුන් අතර ඇති සහ සම්බන්ධතා නිසා ඔබගේ දිවියේ සාර්ථකත්වයට ඇති රුකුල නිසාය. ඔබ තුළ මෙම ආකර්ෂණියත්වය වර්ධනය කරගැනීමට ඔබ අභ්‍යන්තර හා බාහිර වශයෙන් කුමක්‌ කළ යුතුදැයි විමසා බලමු.

ඔබගේ ආත්ම විශ්වාසය වඩාත් වර්ධනය කරගන්න. ඔබ ඔබට ආදරය නොකරන්නේ නම් ඔබගේ ඇතුළත සුන්දරත්වය පිටතට නොපෙනෙනු ඇත. ඔබගේ බාහිර පෙනුම කොතරම් සුන්දර වුවත් ඔබ සතුව ආත්ම විශ්වාසය නොමැති නම් එම සුන්දර රුව අන් අයට අසුන්දර දසුනක්‌ වනු ඇත.

කුරුලෑ තද කිරීම භයානකයි !

කුරුලෑ කැඩීමෙන් සමෙහි වලවල් වැනි ස්‌වභාවයක්‌ ඇතිවන බව අපට දැකගත හැකිය. මෙම තත්ත්වයට හේතුව කුමක්‌ද?

කුරුලෑවලින් ඇතිවන වලක්‌ යනු කුරුලෑ කැළැලක්‌ වේ. යම් තැනක කැළැලක්‌ ඇතිවෙනවා යනු සාමාන්‍යයෙන් තිබිය යුතු පටකය ප්‍රදාහයට ලක්‌ වී රෝම කූපය සහ ස්‌නේහස්‍රාවී ග්‍රන්ථිය අඩංගු පයිලොසබේෂස්‌ යුනිට්‌ ලෙස හඳුන්වන ඒකකය සහ ඒ අවට තිබෙන පටකවලට හානි සිදුවී සාමාන්‍ය පටක නොමැතිවීමයි. එම සාමාන්‍ය පටක තිබූ ස්‌ථාන පිලිසකර වීම සඳහා කොලජන් තන්තු අවශ්‍ය වේ. මෙම කොලජන් තන්තු මේරීමේ ක්‍රියාවලිය හෙවත් මෝල්ඩ්වීමේදී කොලජන් තන්තු ඇති ප්‍රදේශ හැකිලීමකට භාජනය වේ. මෙම හැකිලීම නිසා එවැනි තැන් සමේ මට්‌ටමට වඩා පහළට ගමන් කරයි. එය සෙසු සමට වඩා ඇතුළට ඇදී යාමක්‌ ඇති වී කැළැලක්‌ ඇතිවේ. එවිට ඩිප්ප්‍රෙස්‌කාස්‌ හෙවත් ඇතුළට ගිය කුරුලෑ කැළැල් දැකගත හැකියි. එම නිසා කුරුලෑවල මූලික අවස්‌ථාව වන බ්ලැක්‌ හෙඩ්ස්‌ හෝ වයිට්‌ හෙඩ්ස්‌ අවස්‌ථාවලදී ප්‍රදාහයක්‌ ඇති නොවේ. එහි තැන්පත් වී ඇති තෙල් ස්‌වභාවිකවම එලියට ගොස්‌ ස්‌වභාවික ලෙස වැසී සුවවීමක්‌ වේ. එයට යම් ආකාරයකට තුවාලයක්‌ සිදුකරන්නට ගිය විට එය ප්‍රදාහයට ලක්‌ වී බැක්‌ටීරියා ගොස්‌ ආසාදනයට ලක්‌ වේ. මෙම ආසානයට ලක්‌වීම නිසා ඇතිවන ප්‍රදාහයේ ප්‍රතිඵලයක්‌ ලෙස රෝම කූපය සහ ස්‌නේහස්‍රාවී ග්‍රන්ථිය අඩංගු ඒකකය විනාශ වේ. ඒ විනාශවීම හේතුවෙන් කැළැල ඇති වේ. එම කැළැල ඇතුළට ගිය වලක්‌ ලෙස හඳුනාගත හැකිය.

කොමිඩෝන් එක්‌ස්‌ට්‍රැක්‌ටර් (Comedone Extractor) නැමැති උපකරණය මගින් බ්ලැක්‌ හෙඩ්ස්‌ සහ වයිට්‌ හෙඩ්ස්‌ ඉවත් කිරීම රූපලාවන්‍යාගාර තුළ සිදුකරයි. මෙසේ කිරීම සුදුසුද?

බ්ලැක්‌ හෙඩ්ස්‌ සහ වයිට්‌ හෙඩ්ස්‌වල ඇති ඝනීභවනය වූ ස්‌නේහය ස්‌වභාවිකවම ඉවත් වේ.

එක්‌ස්‌ට්‍රැක්‌ටර් නැමැති කුඩා උපකරණය මගින් කරනුයේ කුරුලෑව තිබෙනා තැනට මෙහි සිදුර ඇති කොටස තබා වටේට තද කිරීමෙන් කොස්‌ස ලෙස හඳුන්වන කොටස එළියට ගැනීමයි.

Thursday, March 24, 2011

ඉක්‌මනට සුදුවෙන්න හදන්න එපා

ෆෙයාර්නස්‌ 

ෆෙයාර්නස්‌ ගැන අද බොහෝ යුවතියන් කාන්තාවන් කතා බහ කරනවා. ඒ නිසාම නොයෙක්‌ වර්ගයේ ෆෙයාර්නස්‌ වර්ග වෙළඳ පොලට එක්‌වෙමින් තිබෙන බවක්‌ පෙනෙනවා.

විටමින් E අඩංගු ෆෙයාර්නස්‌, මල්ටි විටමින් සහිත ෆෙයාර්නස්‌, විටමින් අඩංගු ෆෙයාර්නස්‌ යනුවෙන් ෆෙයාර්නස්‌ හඳුන්වනු ලැබීමක්‌ද දක්‌නට ලැබෙනවා. ඇත්තටම එහෙම ෆෙයාර්නස්‌ වර්ග ලෝකයේ කොහේවත්ම නෑ.

ෆෙයානස්‌වලින් සිදුවන්නේ මෙලනින් පාලනය කිරීමක්‌. මෙහිදී විශේෂයෙන් මතක තබා ගත යුතුවන්නේ වෙළෙඳපොලේ ඇති නොයෙකුත් බාල ෆෙයානස්‌ වර්ගවලට නොරැවටීමටයි. 


බ්ලීචිං සමට සුදුසු නැහැ

ඇතැම් ෆෙයාර්නස්‌ වර්ගවල බ්ලීචිං මිශ්‍රකර තිබෙනවා. මේවා සමට සුදුසු දේවල් නොවෙයි. ගලයිකොලයික්‌ ඇසිඩ් ඇතැම් අවස්‌ථාවල භාවිත වුනත් එය ඉතාම සුළු ප්‍රමාණයකින්. එය වැඩිවීම සුදුසුම නැහැ. වෛද්‍ය නිර්දේශ අනුව තමයි එවැනි දේ සමට භාවිත කළ යුතු වන්නේ.


අද ෆෙයාර්නස්‌ ආලේප කර හෙට සුදුවෙන්නද හිතන්නේ

බොහෝ යුවතියන් කාන්තාවන් සුදුවෙන්න හිතාගෙන නොයෙකුත් ෆෙයාර්නස්‌ වර්ග ආලේප කර සම නාස්‌ති කරගන්නා තත්ත්වයක්‌ අද දක්‌නට ලැබෙනවා.

අද ෆෙයාර්නස්‌ ආලේප කර හෙට සුදුවෙන්න තමයි බොහෝ දෙනා කල්පනා කරන්නේ. බ්ලීචිං වර්ග අඩංගු නම් එහෙම වෙන්න පුළුවන්. ඒත් ප්‍රතිඵල භයානකයි. සම රැළි වැටෙනවා. සම ගැලවී වියළි යන තත්ත්වයක්‌ මතුවෙනවා.

ඒ නිසා හරිම කල්පනාවෙන් තමයි ෆෙයාර්නස්‌ එකක්‌ තෝරාගත යුතු වන්නේ.

Total Pageviews

Advertise