Showing posts with label සිරිපා. Show all posts
Showing posts with label සිරිපා. Show all posts

Monday, February 14, 2011

සිරිපා වන්දනා සමය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවයක්

සිරිපා වන්දනා සමය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවයක්ශී‍්‍ර පාද වන්දනා සමය සහ දීර්ඝ සති අන්ත නිවාඩුව වෙනුවෙන් විශේෂ දුම්රිය සේවයක් කි‍්‍රයාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ලබන 16 වැනිදා සිට 19 වැනිදා දක්වා මෙම විශේෂ දුම්රිය කි‍්‍රයාත්මක කෙරෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කොළඹ කොටුවේ සිට බණ්ඩාරවෙල දක්වාත්, බණ්ඩාරවෙල සිට කොළඹ කොටුව දක්වාත් මෙය කි‍්‍රයාත්මක වනු ඇත.

ලබන 16 සහ 18 යන දෙදින තුළ කොළඹ කොටුවෙන් පෙරවරු 8.35 ත්, 17 සහ 19 යන දින වල බණ්ඩාරවෙලින් පෙරවරු 6.40 ත් මෙම විශේෂ දුම්රිය ධාවනය කෙරෙන බව සඳහන්ය.

මෙම විශේෂ දුම්රිය වල දුම්රිය ආරක්ෂක හමුදාව විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කෙරෙන බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.

Total Pageviews

Advertise