Showing posts with label ශේෂාද්‍රී ප්‍රියසාද්. Show all posts
Showing posts with label ශේෂාද්‍රී ප්‍රියසාද්. Show all posts

Sunday, February 13, 2011

කීපදෙනෙක්‌ම ආදරය ගැන අහලා තියෙනවා (ශේෂාද්‍රී ප්‍රියසාද්)

මගේ තාත්තා දිනේෂ් ප්‍රියසාද්

පියාගෙන් ලද ආභාසය ඔස්‌සේ යමින් කලා ක්‍ෂේත්‍රය වර්ණවත් කිරීමට එක්‌ වූ දියණියන් තිදෙනෙක්‌a අතරින් දෙවැනියා ඇයයි. නුදුරු දිනයකදීම චැලෙන්ජර් සිනමාපටය ඔස්‌සේ ප්‍රේක්‍ෂකයා හමුවට පැමිණීමට දෑස්‌ දල්වා සිටින ඇය ශේෂාද්‍රී ප්‍රියසාද්.

ශේෂාද්‍රී කොහොමද?

ගොඩක්‌ හොඳින් ඉන්නවා. විවෘත විශ්ව විද්‍යාලයේ කළමනාකරණ උපාධිය කරන නිසා මේ දවස්‌වල අධ්‍යාපන කටයුතු එක්‌ක තමයි වැඩි කාලයක්‌ ගතවෙන්නේ.

මේ දවස්‌වල නොඉවසිල්ලෙන් ඉන්න කාරණාවකුත් තියෙනවා නේද?

ඇත්තටම ඔව්, මම රඟපාපු මුල්ම චිත්‍රපටය තිරගතවෙන්න ළඟයි. 2009 නොවැම්බර් මාසේ තමයි චැලෙන්ජර් චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් කළේ. ඒ දවස්‌වල ඉඳලා හැමෝම ඇහුවා කවදද චිත්‍රපටය බලන්න ලැබෙන්නේ කියලා. ඒ නිසාම චැලෙන්ජර් බලන්න මගෙ හිතේ තිබුණු ආසාවත් වැඩිවුණා.

මීට කලින් කිසිදු නිර්මාණයකට සම්බන්ධ වෙලා නැද්ද?

තාත්තා අධ්‍යක්ෂණය කළ චිත්‍රපට කිහිපයකට පුංචි පුංචි චරිතවලින් එකතුවෙලා තියෙනවා.

පියා (දිනේෂ් ප්‍රියසාද්) නිසාද ඔබ රංගනයට ආවේ?

තාත්තගෙ නිර්මාණවලට සම්බන්ධ වෙලා තිබුණට මම කාගෙ කවුද කියලා නොදැන තමයි උදයකාන්ත වර්ණසූරිය මහත්මා මට චැලෙන්ජර් චිත්‍රපටයට කතා කළේ. පුංචි පැංචි වැඩසටහනෙයි, සී වයිඩ්ස්‌ වැඩසටහනෙයි මමයි අක්‌කයි නිවේදන කටයුතු කරන කාලේ ඉඳලම උදයකාන්ත මහත්මා නිර්මාණවලට කතා කළා. අධ්‍යාපන කටයුතුවලට බාදාවක්‌ වෙයි කියලා හිතපු නිසා ගියේ නැහැ. චැලෙන්ජර් චිත්‍රපටයට තමයි ප්‍රධාන චරිතයකින් මුලින්ම සම්බන්ධ වුණේ.

මුලින්ම සිනමා පටයකින් එන්න ලැබීම දැනෙන්නේ?

ගොඩක්‌ සතුටුයි. චැලෙන්ජර් වගේ චිත්‍රපටයක්‌ ලැබීම ගැන ඊටත් වඩා සතුටුයි. ටෙලිනාට්‍යවල රඟපාන්න කැමති නැති නිසා හිතාගෙන හිටියේ කවදාහරි දවසක චිත්‍රපටයකින්ම ඉදිරියට එනවා කියලා. ඒ හීනේ අද සැබෑ වෙලා තියෙනවා.

එයත් ප්‍රධාන චරිතයක්‌ වීම?

අහම්බෙන් කෙනෙකුට ලැබෙන දෙයක්‌. මීට කලින් ප්‍රධාන චරිත රඟපාලා තිබුණේ නැති වුණාට මට විශ්වාසයක්‌ තිබුණා අවස්‌ථාවක්‌ ලැබුණොත් කරන්න පුළුවන් කියලා. ඒකට තාත්තගේ ආභාසයත් හේතුවක්‌ වෙන්න ඇති.

නමුත් ටෙලිනාට්‍යවල රඟපාන්නේ නැහැ කියන සමහර අය පස්‌සේ ඒවායේ රඟපානවා නේද?

මට රඟපාන්න ආසාව ඇතිවුණු දවසේ ඉඳලා හිතුවේ චිත්‍රපටවල රඟපාන්න. නමුත් කිව්වා වගේ ටෙලිනාට්‍යවල රඟපාන්නේ නැහැ කියලා පස්‌සේ රඟපාන අයත් ඇති. මම නම් එහෙම වෙනස්‌ වෙන කෙනෙක්‌ නෙමෙයි.

ශේෂාද්‍රීගේ පෞද්ගලික තොරතුරු කිව්වොත්?

Total Pageviews

Advertise