Showing posts with label බැංකු. Show all posts
Showing posts with label බැංකු. Show all posts

Tuesday, February 8, 2011

සේප්පුව විවෘත කරගත නොහැකිව බැංකුවට පැන්න හොරු පලායති

කිරිඇල්ල නගරයේ ඉඩංගොඩ පිsහිටි රාජ්‍ය බැංකුවකට ඊයේ (7 වැනිදා) අලුයම ඇතුළු වූ සොරු කණ්‌ඩායමක්‌ එහි ප්‍රධාන සේප්පුව විවෘත කිරීමට උත්සාහ කර එය අසාර්ථක වූ හෙයින් පලාගොස්‌ ඇත.

බැංකු ගොඩනැගිල්ලේ ජනේලයකින් ඇතුල්වී ඇති මෙම සොරු කණ්‌ඩායම එහි සේප්පු කාමරයේ දොර ද විවෘත කර මෙසේ ප්‍රධාන සේප්පුව විවෘත කිරීමට උත්සාහ ගෙන තිබේ. මේ අවස්‌ථාවේ බැංකුවේ ස්‌වංක්‍රීය ආරක්‍ෂක පද්ධතිය ක්‍රියාත්මකවී නැති අතර එහි අඩු පාඩු රාශියක්‌ තිබී ඇති බව කිරිඇල්ල පොලිසිය සිදු කළ පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ. කිරිඇල්ල පොලිස්‌ ස්‌ථානාධිපති ඉන්දික උදයංග මහතාගේ උපදෙස්‌ පරිදි විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

කිරිඇල්ල - ඩී. කේ. කුමාර

Total Pageviews

Advertise