Showing posts with label පබා. Show all posts
Showing posts with label පබා. Show all posts

Sunday, February 27, 2011

උපේක්‍ෂාගේ අපේක්‌ෂාව

සිය සැමියාගෙන් දික්‌කසාද වීමට අදහස්‌ කළේ යෑයි ගම්පහ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රිනී උපේක්‌ෂා ස්‌වර්ණමාලි (පබා) මහත්මිය "දිවයින ඉරිදා සංග්‍රහය"ට විශේෂ ප්‍රකාශයක්‌ කරමින් පැවසුවාය. තමාට පහරදුන් පලියට තම සැමියාට මානසිකව වදදීමට සූදානම් නැති බව කී ඇය සැමියාගේ හොඳ ගති පැවතුම් ගැනත් කිවයුතුව ඇති බවද සඳහන් කළාය.

ඇය මෙසේද කීවාය අවුරුදු කීපයක්‌ පමණ මම එයත් සමග ජීවත් වුණා. ඔහු කවුද කියලා මම දන්නවා. එයා හරිම හොඳ කෙනෙක්‌. මම තාමත් එයාට ආදරෙයි. ඒත් මේ විදිහට පවුල් කන එකට වඩා දික්‌කසාද වෙන එක හොඳයි. එය අපි දෙන්නාගේම ජීවිතවලට හොඳයි කියලා මම හිතනවා. දික්‌කසාද වුණත් මම එයාට වෛර කරන්නේ නැහැ. මගේ පාඩුවේ ජීවත් වෙනවා. මගේ කම්මුලට ප්ලාස්‌ටික්‌ සැත්කමක්‌ කර ගත්තා.

Total Pageviews

Advertise