Showing posts with label කොස්‌තාපල් පෙම්සුව විඳින්න කාන්තාවක ගෙනේ. Show all posts
Showing posts with label කොස්‌තාපල් පෙම්සුව විඳින්න කාන්තාවක ගෙනේ. Show all posts

Tuesday, February 8, 2011

රැකියාව කරද්දී කොස්‌තාපල් පෙම්සුව විඳින්න කාන්තාවක ගෙනේ

තමා මුර කරමින් සිටි කළුතර දොඩම්ගොඩ පිහිටි පුපුරණ ද්‍රව්‍ය ගබඩාවට තරුණ කාන්තාවක්‌ රැගෙනවිත් ඇය සමඟ පෙම් සුව විඳිමින් සිටි පොලිස්‌ කොස්‌තාපල්වරයකු විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කාන්තාවගේ සැමියා කොල්ලකෑම් කීපයක්‌ පිළිබඳව ලැබුණු චෝදනා මත බන්ධනාගාරගත වූවකු වන අතර පොලිස්‌ කොස්‌තාපල්වරයා මෙම කාන්තාව සමඟ කාලයක්‌ තිස්‌සේ අනියම් සම්බන්ධයක්‌ පවත්වාගෙන ගොස්‌ ඇත.

පොලිස්‌ ස්‌ථාන ගණනාවක පුපුරණ ද්‍රව්‍ය මෙම ගබඩාවේ තැන්පත් කර තිබූ අතර මෙම පුපුරණ ද්‍රව්‍ය ගබඩාවට සැකකාර පොලිස්‌ කොස්‌තාපල්වරයා ඉඳහිට මෙම කාන්තාව රැගෙන එන බව කියති.

මහකොළඹ ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති දයා සමරවීර මහතාගේ විශේෂ උපදෙස්‌ පරිදි කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි පතිනායක මහතාගේ උපදෙස්‌ පරිදි මෙම වැටලීම කර ඇත.

සැකකාර පොලිස්‌ කොස්‌තාපල්වරයාගෙන් පොලිසිය ප්‍රශ්න කරගෙන යයි.

නෝමන් පලිහවඩන
 

Total Pageviews

Advertise