Showing posts with label ඔස්ට්‍රේලියාවට. Show all posts
Showing posts with label ඔස්ට්‍රේලියාවට. Show all posts

Tuesday, February 8, 2011

මුරලි ඔස්ට්‍රේලියාවට දඟපන්දු උගන්වයි..?

මුරලි ඔස්ට්‍රේලියාවට දඟපන්දු උගන්වයි..?ශ්‍රී ලාංකේය ක්‍රිකට් ඉතිහාසයේ සුපිරි දඟපන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් ඔස්ට්‍රේලියානු දඟ පන්දු යවන නවක ක්‍රීඩකයින්ගේ පුහුණුකරු ලෙස ඉදිරියේදී කටයුතු කරනු ඇතැයි විදෙස් මාධ්‍ය උපුටා දක්වයි.
ඉදිරි සති කිහිපය තුළ දී මුරලිදරන් විසින් තමන්ගේ තීරණය පිළිබඳ නිල වශයෙන් දැනුම්දෙනු ඇතැයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තේරීම්කාරක නිලධාරී ජොර්ජ් චැපල් මහතා ඩේලි ටෙලිග්‍රාප් මාධ්‍යයට සඳහන් කර ඇත.

මුත්තයියා මුරලිදරන් ලෝකයේ සුපිරිතම දඟ පන්දු යවන්නෙකු බවද,ඔහුගේ සේවය ලබා ගැනීමට හැකිවීමට තරම් තමන් වාසනාවන්ත වී ඇති බවද ජොර්ජ් චැපල් මහතා මෙහිදී පෙන්වා දී තිබේ.

එසේ වුවද මුරලිදරන් යනු පන්දුව දමා ගසන, නෝ බෝල් පන්දු යවන ක්‍රීඩකයෙකු ලෙස වරෙක ප්‍රකාශයට පත් කරන ලද්දේද ඕස්ට්‍රේලියානු ක්‍රිකට් විනිසුරුවරයෙකු වූ ඩැරල් හෙයා විසින් බවද ඩේලි ටෙලිග්‍රාප් විසින් සිහිපත් කර තිබේ.

Total Pageviews

Advertise